Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

28th June 2024 19:05:29 Hours

රණවිරු ළබැඳියන්ගේ දෙනෙතට සවියක්

රණවිරු ළබැඳියන්ගේ දෙනෙතට සවියක්

2024 ජූනි මසට යෙදුනු පොසොන් පුන් පොහොය නිමිතිකර ගනිමින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී නන්දනී සමරකෝන් මැතිණියගේ උදාරතර සංකල්පයකට අනුව සේවා වනිතා ශ්‍රීලවියාබ ශාඛාවෙහි මූල්‍යමය දායකත්වයෙන් නොමිලේ ඇස් කණ්ණාඩි බෙදාදීමේ උතුම් මානුෂීය සත්කාරක වැඩසටහනක් සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛා ගරු සභාපතිනී නන්දනී සමරකෝන් මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2024.06.28 දින රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු 1 වන බළඇණිය වෙතින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සේවා වනිතා ශ්‍රිලවියාඉබ ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්/සෙසු සාමාජිකාවන් මෙන්ම නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන හා ශ්‍රීලවියාඉබ බළකාධිපති මේජර් ජෙනරාල් ඉන්දු සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් හා මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ නොමිලේ ඇස් කණ්ණාඩි ලබා ගැනීම සඳහා පැමිණි සිවිල් සේවක මහතුන් මෙන්ම රණවිරුවන්ගේ ළඟම ඥාතීන් හා පවුලේ සාමාජිකයින් සහභාගී විය.