Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

09th March 2024 13:00:40 Hours

‘නැණ නුවනින් ජීවිතය දිනන්නට සෙනෙහෙබර අත්වැලක්’

‘නැණ නුවනින් ජීවිතය දිනන්නට සෙනෙහෙබර අත්වැලක්’

සේවා වනිතා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛාව වෙතින් සිදු කරනු ලබන සුභසාධන කටයුතු වඩාත් පුළුල් කරමින් සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛා ගරු සභාපතිතුමියගේ සංකල්පයක් මත දුෂ්කර පලාත්වල වෙසෙමින් තම දිවි කතර ගෙවා දමන්නට මහපොලොව සමඟ උරෙනුර ගැටෙනා දිරිය මිනිසුන් හට ශක්තියක් වීමේ අරමුණින් පොලොන්නරුව ප්‍රදේශයේ ඉතාමත් දුෂ්කර පාසලක් වන සීගිරිය ඉලුක්වැව කණිෂ්ඨ විද්‍යාලයෙහි ඉගෙනුම ලබන සියළුම දූ දරුවන් හට රුපියල් ලක්‍ෂ හතරකට අධික වටිනාකමකින් යුත් පාසල් අභ්‍යාස පොත් හා පාසල් උපකරණ පිරිනැමීමේ වැඩසටහනක් සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛා ගරු සභාපතිනී නන්දනී සමරකෝන් මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2024.03.08 දින සීගිරිය ඉලුක්වැව කණිෂ්ඨ විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කරන ලදී.

3 වන බළඇණිය ශ්‍රීලවියාඉබ හා ශ්‍රීලවියාඉ(කාලතුවක්කු) බළඇණිය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සේවා වනිතා ශ්‍රිලවියාඉබ ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්/සෙසු සාමාජිකාවන් විශාල පිරිසක් සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රීලවියාඉබ බළකාධිපති මේජර් ජෙනරාල් ඉන්දු සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් මෙන්ම ගුරු කාර්යය මණ්ඩලය හා පාසල් අභ්‍යාස පොත්/පාසල් උපකරණ ලබා ගැනීමට පැමිණි දූ දරුවන්/ඔවුන්ගේ දෙමව්පියන් ද සහභාගී විය.