Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

09th December 2023 08:00:00 Hours

74 වන සංවත්සර රණවිරු අනුස්මරණ පෙළපාලිය

74 වන සංවත්සර රණවිරු අනුස්මරණ පෙළපාලිය

ශ්‍රිලවියාඉ බලකායේ 74 වන සංවත්සරයට සමගාමිව රණවිරුවන් අනුස්මරණය කිරිමේ පෙළපාලියක් 2023 දෙසැම්බර් මස 08 වන දින ආඥාපති භකාස අණසක හා ශ්‍රිලවියාඉබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රිලවියාඉ පුහුණු පාසල ගන්නොරුවෙහි ස්ථාපිත ශ්‍රිලවියාඉබ රණවිරු ස්මාරකය අභියසදි පැවැත්විණි. මෙම අවස්ථාව සදහා විශ්‍රාමික බලකාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් ඇතුළු මියගිය රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් ගෞරවාන්විතව සිදු කරනු ලැබිය.