Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

30th November 2023 18:15:52 Hours

සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛාවේ ප්‍රධානත්වයෙන් 2023.11.29 දින කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලද පාසල් අභ්‍යාස පොත් හා ශිෂ්‍යාධාර පිරිනැමීමේ වැඩසටහන

සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛාවේ ප්‍රධානත්වයෙන් 2023.11.29 දින කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලද පාසල් අභ්‍යාස පොත් හා ශිෂ්‍යාධාර පිරිනැමීමේ වැඩසටහන

ශ්‍රීලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 74 වන සංවත්සරයට සමගාමීව සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛාව වෙතින් මානුෂීය සුභසාධන කටයුත්තක් වශයෙන් වාර්ෂිකව සිදු කරනු ලබන පාසල් අභ්‍යාස පොත් හා ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය මෙවර රුපියල් ලක්‍ෂ හතලිස් හතරකට අධික මුදලක් වැය දරා ශ්‍රීලවියාඉ බලකාය යටතේ රාජකාරී නියුතු සියලුම නිලධාරී/සෙසුනිල හා සිවිල් සේවක කාර්ය්‍ය මණ්ඩල සාමාජිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දු දරුවන් 2983 දෙනෙකු හට 2024 වර්ෂය සඳහා පාසල් අභ්‍යාස පොත් ලබා දීම, 2022 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය සමත් දූ දරුවන් 24 දෙනෙකු හට පාසල් අභ්‍යාස පොත් වලට අමතරව රු:5,000.00 බැගින් ශිෂ්‍යාධාර ලබා දීම සහ විශ්ව විද්‍යාල වරම් හිමි කරගත් පුතණුවකු සහ දියණියක හට විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු නිම කරන තෙක් එක් අඩවසරකට රු:12,500.00 බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනෙහි සංකේතාත්මක උත්සවය ශ්‍රීලවියාඉ බලකාය යටතේ රාජකාරි නියුතු සියලුම අයවලුන් නියෝජනය වන පරිදි, කොළඹ ප්‍රදේශයට ආසන්නව පදිංචි ශ්‍රීලවියාඉබ සාමාජිකයින්ගේ දුවා දරුවන් 67 දෙනෙකුගේ සහභාගීත්වයෙන් හා සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛා සභාපතිනී නන්දනී සමරකෝන් මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2023.11.29 දින කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු කරන ලදී.

මෙම උත්සව අවස්ථාවට සේවා වනිතා ශ්‍රිලවියාඉබ ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්/සෙසු සාමාජිකාවන් විශාල පිරිසක් සහ ආඥාපති යුද්ධ හමුදා භකාස අණසක සහ ශ්‍රීලවියාඉබ බළකාධිපති මේජර් ජෙනරාල් ඉන්දු සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් මෙන්ම පාසල් අභ්‍යාස පොත්/ශිෂ්‍යාධාර ලබා ගැනීමට පැමිණි දූ දරුවන් හා ඔවුන්ගේ දෙමව්පියන් ද සහභාගී විය.