Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

08th May 2023 15:45:22 Hours

නව සේනාවිධායක තනතුරෙහි වැඩ භාරගැනිම.

නව සේනාවිධායක තනතුරෙහි වැඩ භාරගැනිම

ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රක ඉංජිනේරු බලකායේ 19 වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් එස් ඒ එන් ජේ ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 මැයි මස 08 වන සදුදා දින හමුදා සම්ප්‍රදායන්ට හා ආගමිකවතාවත් වලට මුල් තැන දෙමින් රාජකාරි භාරගන්නා ලදි.

නව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් නියෝජ්‍ය සේනාවිධායක පිඩිඑල්ඒඑසි සිරිසේන ආර්එස්පි එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් ප්‍රධාන දොරටුව අභියසදි උණුසුම්ව පිළිගැනිමෙන් අනතුරුව සම්මාන මුරයක් පිරිනමන ලදි. අනතුරුව පිරිත් සජ්ජායනය මධ්‍යයේ රාජකාරි ලේඛණයකට අත්සන් තබමින් නිල වශයෙන් රාජකාරිය භාරගන්නා ලදි.

ඉන් අනතුරුව නව සේනාවිධායක තුමන් සමුහ ජායාරූපයකට පෙනි සිටින ලද අතර, පසුව සියළු නිල තේ පැන් සංග්‍රහයට සහභාගි විය. එහිදි සියළු නිලයින් අමතන ලදි.

නව සේනාවිධායක තුමන් මෙම තනතුරෙහි රාජකාරි භාරගැනිමට ප්‍රථම ආරක්ෂා සේනා මුලස්ථානය (මුලතිව්) හි බ්‍රිගේඩියර් (පාලන/භකාස) වශයෙන් රාජකාරි කරන ලදි.