Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

06th December 2022 19:30:47 Hours

බ්ලුබෙල් 2022 සංගීත සැණකෙලිය

බ්ලුබෙල් 2022 සංගීත සැණකෙලිය

‘බ්ලුබෙල් කාන්තා සමාජය’ විසින් සංවිධානය කරනු ලැබු බ්ලුබෙල් රාත්‍රිය - 2022 සංගීත ප්‍රසංගය අති උත්කර්ශවත් අන්දමින් කොළඹ හැව්ලොක් පිටියේදි 2022 දෙසැම්බර් මස 06 දින පැවැත්විය. ශ්‍රිලවියාඉ බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බි සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සි පෙරටු කොටගත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, බ්ලුබෙල් කාන්තා සමාජයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් මෙම අවස්ථාවට සහභාගි විය. නිලධාරි සෙසු නිල පවුල්වල සාමාජිකයන් මෙන්ම අති විශාල ජනතාවක් මෙම අත්දැකිමට එක් විය. ශ්‍රිලවියාඉ බලකායේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රිලවියාඉබ බලකායේ සෙසුනිලයින්ගේ හා සිවිල් සේවක මහතුන්ගේ සුභ සාධනය වෙනුවෙන් මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කරන ලදි.