Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

12th January 2021 14:30:38 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ නව බළකාධිපති තම ධූරයේ වැඩ භාරගනි

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ නව බළකාධිපති තම ධූරයේ වැඩ භාරගනි

බ්‍රිගේඩියර් ඉන්දු සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ දස වන බලකාධිපති වශයෙන් 2021 ජනවාරි මස 12 වන දින කොළඹ 02 හි ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී සිය නව දූරයේ රාජකාරී ආරම්භ කරන ලදි. එතුමන් නව ධූරයට අමතරව යුද හමුදා මූලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂක මණ්ඩලයේ, අධ්‍යක්ෂක - විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වශයෙන්ද කටයුතු කරනු ලබයි. එම අවස්ථාවේ දී රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිනි නව බලකාධිපති තුමන් පිලිගැනීම මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් නිලාම් හේරත් විසික් සිදුකර ලද අතර භඨ පිරිස් විසින් සමප්‍රදානුකූලව කදවුරු මුරයක් හා සම්මාන පෙලපාලියක් පිරිනැමීම සිදු කරන ලදි.


අනතුරුව නව බලකාධිපති සියලු නිලයන් ආමන්ත්‍රනය කරන ලද අතර පසුව සියලු නිල තේපැන් සංග්‍රහයටද සහභාගී විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ/ කණිෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් නව බලකාධිපති හට සුභාශිංසන එක්කිරීම සදහා සහභාගී වූහ.