Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

21st April 2023 21:38:49 Hours

සීතාවක බක්මහ උදානය - 2023

සීතාවක බක්මහ උදානය - 2023

2023 වර්ෂයේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් මුලස්ථාන භකාස අණසක, ශ්‍රිලවියාඉබ සහ ශ්‍රිලවියාඉ සේවා වනිතා ශාඛාව එක්ව පවත්වනු ලැබු “ සීතාවක බක්මහ උදානය - 2023 ” ශ්‍රිලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත වැඩපල - කොස්ගම කදවුරු පරිශ්‍රය ක්‍රීඩාංගණයේදී 2023.04.21 සිකුරාද දින උත්සවශ්‍රීයෙන් ආඥාපති මුලස්ථාන භකාස අණසක හා ශ්‍රිලවියාබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහ ශ්‍රිලවියාඉ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින්, සිවිල් සේවක මහතුන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් සංහිඳියාව, සාරධර්ම, ආකල්ප සහ අන්‍යෝන්‍ය සබඳතා ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් සිංහල හා දෙමල අලුත් අවුරුදු උත්සවය චාරිත්‍රාණුකුලව පොල් තෙල් පහන දැල්වීමෙන් පසු ආරම්භ විය.

අනතුරුව සිංහල ගැමි සම්ප්‍රදායන්ට මුල්තැන දෙමින් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සිදු කර ජන ක්‍රීඩා තරඟ ආරම්භ කරන්නට යෙදුණි, එහිදි . අවුරුදු කුමරිය, අවුරුදු කුමරා, කණා මුට්ටි බිදිම, අලියට ඇස තැබිම, විවිධ අදුම් තරගය, සංගිත පුටු තරගය, සෙමින් බයිසිකල් පැදීම, ග්‍රීස් කණු නැගීම, කොට්ට පොරය, කඹ ඇදීම, බැලූන් පිම්බීම, බනිස් කෑම, බාධක දිවිමේ තරඟය, හැන්දමත දෙහි ගෙඩිය රැගෙන දිවිමේ තරගය, හොදම හිනාව, හොදම හැඩිම වැනි රසවත් ජන ක්‍රීඩා බොහොමයක් ඇතුළත් වුනු අතර, එම අවස්ථාවන්ට හමුදා සාමාජිකයින් හා පවුල්වල සාමාජිකයින් ඉතා උනන්දුවෙන් සහභාගි වූහ.

ජන ක්‍රිඩා අවසානයේ ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග සහ මුදල් ත්‍යාග ලබා දිමට කටයුතු කරන ලදි.