Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

29th March 2024 16:02:40 Hours

ශ්‍රිලවියාඉබ නිලධාරි පුහුණූ වැඩමුළුව

ශ්‍රිලවියාඉබ නිලධාරි පුහුණූ වැඩමුළුව

ශ්‍රිලවියාඉබ නිලධාරි පුහුණූ වැඩමුළුව සියළුම බළඇණි/මුලික වැඩපල/පාසලහි ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරින්ගේ සහභාගිත්වයෙන් රෙම ශ්‍රිලවියාඉබ කදවුරු පරිශ්‍රයේදි 2024.03.28 (බ්‍රහස්පතින්දා) දින සාර්ථකව පවත්වන ලදි.

එදින උදෑසන නිලධාරින් හට ශාරිරික අභ්‍යාස, අසි සරඹ පුහුණූවක් පැවැත් වු අතර, අනතුරුව එම වැඩමුළුව සදහා සහභාගි වු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් හට කොරියාණු කාර්මික අභ්‍යාස ආයතනයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරනු ලබන සමන් බංඩාර මහතා විසින් “ වැඩපල කලමණාකරනය සහ ආරක්‍ෂාව ” පිළිබද හරවත් දේශණයක් කරන ලදි.

අනතුරුව දිවා ආහාරයෙන් පසු “ ඊශ්‍රායලය සහ පලස්තිනය අතර පවතින යුධ ගැටුම පිළිබද ඉතිහාසය ” යන මාතෘකව යටතේ ශ්‍රිලවියාඉබ තරුණ නිලධාරින් විසින් සුදානම් කරන ලද ඉදිරිපත් කිරීම සිදු කරන ලදි.

සන්ධ්‍යා කාලයේදි රෙම ශ්‍රිලවියාඉබ නිලධාරි නිවස්න පරිශ්‍රයේදි පවත්වන්නට යෙදුණු Diners Club හිදි වෛද්‍ය ටීනා සොලමන් මහත්මිය විසින් “ Mindfulness For Well – Being of Military Officers ” යන තේමාව යටතේ හරවත් දේශණයක් සිදු කරන ලද අතර, ඉන් අනතුරුව 2/ලුතිතන් කේ ඩී පී අංජන ශ්‍රිලවියාඉබ විසින් රචිත “දුරේක්ෂ - All about Telescopes” නම් කෘතිය එලිදැක්විමද එම අවස්ථාවේ සිදු කරන ලදි.

එම අවස්ථාව සදහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රිලවියාබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩී ඒ සිරිමාන්නගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින් සහභාගි වුහ.