Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

06th December 2022 07:30:00 Hours

වාර්ෂික ශ්‍රිලවියාඉබ සේවා වනිතා පොත් බෙදාදීම

වාර්ෂික ශ්‍රිලවියාඉබ සේවා වනිතා පොත් බෙදාදීම

ශ්‍රිලවියාඉබ සේවා වනිතා ශාඛාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන පොත් බෙදා දීම හා 5 වසර ශිෂ්‍යත්වය සමත් හා විශ්ව විද්‍යාල වරම් ලද වියාඉ සෙසුනිලයින් හා සිවිල් සේවක මහතුන්ගේ දුවා දරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රධානය අති උත්කර්ෂවත් අන්දමින් 2022 නොවැම්බර් මස 29 වන දින කොළඹ ආරක්‍ෂක විද්‍යාලීය ශ්‍රවනාගාරයේදි ශ්‍රි ලංකා යුධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි ජානකි ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. මෙම උත්සව අවස්ථාවට ශ්‍රිලවියාඉ බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බි සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, ශ්‍රිලවියාඉ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි නන්දනි සමරකෝන් මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් හා සිවිල් සේවක කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගි විය.