08th September 2024 13:30:28 Hours
වියාඉ අධ්‍යක්ෂක ජෙනරාල් වශයෙන් රාජකාරි කල මේජර් ජෙනරාල් එස් ඒ එන් ජේ ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කීර්තිමත් වසර 33ක යුද්ධ හමුදා දිවිය නිමා කරමින් විශ්‍රාම ගැනීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් රෙම ශ්‍රිලවියාඉබ කඳවුරු පරිශ්‍රයේදි 2024 සැප්තැම්බර් 07 (සෙනසුරාද) දින සිදු කරන ලදි.
ඒ අනුව සිය සේවයේ අවසන් දිනයේදි රෙම ශ්‍රිලවියාඉබ වෙත පැමිණි මේජර් ජෙනරාල් එස් ඒ එන් ජේ ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩී ඒ සිරිමාන්නගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් උණුසුම්ව පිලිගත් අතර, අනතුරුව යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකුලව කඳවුරු ආරක්‍ෂක මුරයක් සහ සම්මාන මුරයක් පිරිනමමින් ආචාරය දැක්විය. අනතුරුව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන හා ශ්‍රිලවියාඉබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි හමුවිමෙන් පසු එම අවස්ථාව සඳහා සහභාගි වු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් කැටුව රෙම ශ්‍රිලවියාඉබ නිලධාරි නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයට සහභාගි විය.
අනතුරුව එදින රාත්‍රියේදි නික්ම යන මේජර් ජෙනරාල් එස් ඒ එන් ජේ ආරියසේන හට රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වන ලද අතර, එහිදි මධ්‍යස්ථාන සේනාවිධායක ඩි ඒ සිරිමාන්නගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායට සහ සමස්ථ ශ්‍රි ලංකා යුද්ධ හමුදාව තුල සිදු කල සේවාව ඇගයිමට ලක් කරන ලදි.
විශ්‍රාම ගනු ලබන මේජර් ජෙනරාල් එස් ඒ එන් ජේ ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරි හට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන හා ශ්‍රිලවියාඉබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු සියළු නිලධාරින් විසින් සමරු තිළිණයන් ප්‍රධානය කරන ලද අතර, අනතුරුව සම්ප්‍රදායානුකුලව රාත්‍රි භෝජන සංග්‍රහය අවසානයේ සහභාගි වු සියළු නිලධාරින් විසින් මේජර් ජෙනරාල් එස් ඒ එන් ජේ ආරියසේන සහ එම මැතිනිය සියළු නිලධාරින්ගේ හරසර මතින් නික්ම යන ලදි.
එම අවස්ථාවේදි මේජර් ජෙනරාල් එස් ඒ එන් ජේ ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ට සහ එම මැතිනියට සුභාශිංසන එක් කිරිමට ශ්‍රිලවියාඉබ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් විශාල පිරිසක් සහභාගි විය.