08th March 2025 14:25:34 Hours
ශ්‍රීලවියාඉබහි මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් රාජකාරී ඉටුකල බ්‍රිගේඩියර් ඩී ඒ සිරිමාන්නගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සේවයෙන් විශ්‍රාම යාම නිමිති කොටගෙන උපහාර පිදිමේ උත්සවයක් 2025 මාර්තු මස 07 වන දින රෙම ශ්‍රිලවියාඉබ කදවුරු පරිශ්‍රයේදි සිදු කරන ලදී.
එහිදි මේජර් බ්‍රිගේඩියර් ඩී ඒ සිරිමාන්නගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී හට යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කදවුරු ආරක්ෂක මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී.
ඉන් අනතුරුව රාත්‍රි භෝජන සංග්‍රහයක් රෙම ශ්‍රිලවියාඉබ නිලධාරී නිවස්නයේදී පැවැත්වු අතර, එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ බිරින්දෑවරුන් විශාල පිරිසක් එම උත්සවය සඳහා සහභාගි විය.