Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

09th February 2024 09:15:27 Hours

බ්‍රිගේඩියර් ආර්.ටි ලොකුතොටහේවා යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නිල උසස්විම

බ්‍රිගේඩියර් ආර්ටී ලොකුතොටහේවා යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නිල

බ්‍රිගේඩියර් ආර්ටී ලොකුතොටහේවා යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට නිල උසස්වීම් ලැබීමෙන් පසු උපහාර පිදිමේ උත්සවයක් 2024 පෙබරවාරි 09 (සිකුරාදා) වන දින රෙම ශ්‍රිලවියාඉබ කදවුරු පරිශ්‍රයේදි සිදු විය.

එහිදි බ්‍රිගේඩියර් ආර්ටී ලොකුතොටහේවා යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කදවුරු ආරක්ෂක මුරයක් පිරිනමමින් එතුමන්ව උණුසුම්ව පිලිගැනිම රෙජිමේන්තු මධ්‍යස්ථානය රෙම ශ්‍රිලවියාඉබහිදි සිදු විය.

තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රිලවියාඉබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් බලකාධිපති නිල කාර්යාලයේදි හමුවු අතර, එහිදි එතුමන්ගේ සුභාශිංසන පිරිනමන ලදි. අනතුරුව සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සමග සමුහ ජායාරූපයකට පෙනි සිටි අතර, රෙම ශ්‍රිලවියාඉ නිලධාරී නිවස්නයේදි එතුමන් වෙනුවෙන් පැවැත්වු විශේෂ තේ පැන් සංග්‍රහය සඳහා එක් විය.

මෙම අවස්ථාව සදහා ශ්‍රිලවියාඉබ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේනාවිධායකවරුන්, ඒකක අණදෙන නිලධාරීන් ඇතුළු නිලධාරින් බොහෝ පිරිසක් සහභාගි විය.