Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

23rd December 2023 09:30:05 Hours

නිලධාරි පවුල් සුහද හමුව 2023

නිලධාරි පවුල් සුහද හමුව 2023

74 වන ශ්‍රිලවියාඉබ සංවත්සරයට සමගාමිව සංවිධානය කරන ලද වාර්ෂික නිලධාරි පවුල් සුහද හමුව ඉතා විචිත්‍රවත් ලෙස 2023 දෙසැම්බර් මස 22 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්න පරිශ්‍රයේදි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රිලවියාඉබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බි සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

විචිත්‍රවත් විශේෂාංග රාශියකින් මෙවරත් නිලධාරි පවුල් සුහද හමුව හැඩ ගන්වා තිබු අතර, එහිදි කුඩා ලමුන් සදහා විනෝද ක්‍රිඩා හා නත්තල් තෑගි බෙදාදීමේ අවස්ථාවක් මෙන්ම යුවල නර්තන තරගා සහ සංගීත ප්‍රසංගයක්ද සංවිධානය කර තිබුණි.

වැඩසටහන අවසානයේ සියළු නිලධාරි පවුල් සාමාජිකයින් සදහා පැවැත්වු රාත්‍රි භෝජණ සංග්‍රහය සදහා සහභාගිවු අතර, මෙම අවස්ථාව සදහා ශ්‍රිලවියාඉ බලකායේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් නිලධාරින්, නිලධාරින් සහ පවුල්වල සාමාජිකයින් 400කට වැඩි පිරිසක් ඊට සහභාගි විය.