?
26th November 2025 22:39:38 Hours
ශ්‍රීලවියාඉ බලකායේ 13 වන බලකාධිපති වශයෙන් බ්‍රිගේඩියර් එච්ඩීඒඑන් හෙට්ටිගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2025 නොවැම්බර් මස 26 වන දින වැඩ භාර ගැනීම රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රීලවියාඉබ හිදී සිදුවිය.
එහිදී නව බලකාධිපති හට යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් පිරිනමමින් රෙජිමේන්තු මධ්‍යස්ථාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් විසින් උණුසුම්ව පිළිගන්නා ලදි.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ආගමික වතාවන්ට මුල්තැන දෙමින් සුබ මොහොතින් රාජකාරී ලිපියකට අත්සන් තබා සංකේතාත්මකව නව බලකාධිපති ධුරයේ රාජකාරි ආරම්භ කිරීම බලකාධිපති කාර්යාලයේදී සිදුවිය. එම අවස්ථාව සඳහා ශ්‍රීලවියාඉබ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන්, සෙසුනිලයින් බොහෝ පිරිසක් සහභාගි විය.