Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

24th February 2024 20:52:40 Hours

ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ විශ්‍රාම ගැනීම නිමිත්තෙන් රෙම ශ්‍රීලවියාඉබ හිදී පැවැත්වු වැඩසටහන් මාලාව

ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ විශ්‍රාම ගැනීම නිමිත්තෙන් රෙම ශ්‍රීලවියාඉබ හිදී පැවැත්වු වැඩසටහන් මාලාව

ආඥාපති ඉනපෙ - මුලතිව් වශයෙන් රාජකාරි කල මේජර් ජෙනරාල් ඩී ඒ අමරසේකර යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඔහුගේ කීර්තිමත් වසර 34ක යුද්ධ හමුදා දිවිය නිමා කරමින් විශ්‍රාම ගැනිම වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් රෙම ශ්‍රිලවියාඉබ කදවුරු පරිශ්‍රයේදි 2024 පෙබරවාරි මස 22 (බ්‍රහස්පතින්දා) දින සිදු කරන ලදි.

ඒ අනුව සිය සේවයේ අවසන් දිනයේදි රෙම ශ්‍රිලවියාඉබ වෙත පැමිණි මේජර් ජෙනරාල් ඩී ඒ අමරසේකර යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩී ඒ සිරිමාන්නගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් උණුසුම්ව පිලිගත් අතර, අනතුරුව යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකුලව කදවුරු ආරක්‍ෂක මුරයක් සහ සම්මාන මුරයක් පිරිනමමින් ආචාරය දැක්විය. ඉන් පසු එම අවස්ථාව සදහා සහභාගි වු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් කැටුව රෙම ශ්‍රිලවියාඉබ නිලධාරි නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයට සහභාගි විය.

අනතුරුව එදින රාත්‍රියේදි නික්ම යන මේජර් ජෙනරාල් ඩී ඒ අමරසේකර යුඑස්පි හට භෝජන සංග්‍රහයක් පවත්වන ලද අතර, එහිදි මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩී ඒ සිරිමාන්නගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායට සහ සමස්ථ ශ්‍රි ලංකා යුද්ධ හමුදාව තුල සිදු කල සේවාව ඇගයිමට ලක් කරන ලදි.

විශ්‍රාම ගනු ලබන මේජර් ජෙනරාල් ඩී ඒ අමරසේකර යුඑස්පි හට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රිලවියාඉබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු සියළු නිලධාරින් විසින් සමරු තිළිණයක් ප්‍රධානය කරන ලද අතර, අනතුරුව සම්ප්‍රදායානුකුලව රාත්‍රි භෝජන සංග්‍රහය අවසානයේ මේජර් ජෙනරාල් ඩී ඒ අමරසේකර යුඑස්පි සහ එම මැතිනිය මග දෙපස පෙලගැස්වූ සියළුම නිලධාරීන්ගේ සුභාශිංසන සමගින් කදවුරෙන් නික්මයන ලදි.

එම අවස්ථාවේදි මේජර් ජෙනරාල් ඩී ඒ අමරසේකර යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ට සහ එම මැතිනියට සුභාශිංසන එක් කිරිමට ශ්‍රිලවියාඉබ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් රැසක් සහභාගි විය.