20th November 2023 21:45:24 Hours
අධ්‍යක්‍ෂක - කළමණාකරන හා නඩත්තු වශයෙන් රාජකාරි කල ඩ්‍රිගේඩියර් ඕ එම් ඩී ගුණසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඔහුගේ කීර්තිමත් වසර 34ක යුද්ධ හමුදා දිවිය නිමා කරමින් විශ්‍රාම ගැනිම වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් රෙම ශ්‍රිලවියාඉබ කදවුරු පරිශ්‍රයේදි 2023 නොවැම්බර් 17 (සිකුරාදා) දින සිදු කරන ලදි.
ඒ අනුව සිය සේවයේ අවසන් දිනයේදි රෙම ශ්‍රිලවියාඉබ වෙත පැමිණි ඕ එම් ඩී ගුණසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී කළුතරආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් උණුසුම්ව පිලිගත් අතර, අනතුරුව යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකුලව කදවුරු ආරක්‍ෂක මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමමින් ආචාරය දැක්විය. ඉන් පසු එම අවස්ථාව සදහා සහභාගි වු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් කැටුව රෙම ශ්‍රිලවියාඉබ නිලධාරි නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයට සහභාගි විය.
අනතුරුව එදින රාත්‍රියේදි නික්ම යන බ්‍රිගේඩියර් ඕ එම් ඩී ගුණසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි හට භෝජන සංග්‍රහයක් පවත්වන ලද අතර, එහිදි මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී කළුතරආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායට සහ සමස්ථ ශ්‍රි ලංකා යුද්ධ හමුදාව තුල සිදු කල සේවාව ඇගයිමට ලක් කරන ලදි.
විශ්‍රාම ගනු ලබන බ්‍රිගේඩියර් ඕ එම් ඩී ගුණසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි හට ආඥාපති මුලස්ථාන භකාස අණසක හා ශ්‍රිලවියාඉබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු සියළු නිලධාරින් විසින් සමරු තිළිණයන් ප්‍රධානය කරන ලද අතර, අනතුරුව සම්ප්‍රදායානුකුලව රාත්‍රී භෝජන සංග්‍රහය අවසානයේ සහභාගි වු සියළු නිලධාරින් විසින් බ්‍රිගේඩියර් ඕ එම් ඩී ගුණසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ එම මැතිණිය සියළු නිලධාරින්ගේ හරසර මතින් ගමන් කරන ලදි.
එම අවස්ථාවේදි බ්‍රිගේඩියර් ඕ එම් ඩී ගුණසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ට සහ එම මැතිණියට සුභාශිංසන එක් කිරිමට ශ්‍රිලවියාඉබ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් රැසක් සහභාගි විය.