Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

30th September 2023 21:30:00 Hours

Asianpaints Causeway සංගීත රාත්‍රිය

Asianpaints Causeway සංගීත රාත්‍රිය

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා මුක්ත භඨ සංගමය විසින් ඉතා උත්කර්ෂවත් ලෙස සංවිධානය කරන ලද Asianpaints Causeway Musical Night දර්ශණිය සංගීත ප්‍රසංගය හා ප්‍රජා සත්කාරය 2023 සැප්තැම්බර් 30 වන දින Vystwyke ක්‍රීඩාංගනයේ පවත්වන ලදී.

එදින Vystwyke ක්‍රීඩාංගනය සංගීතවත් කිරීමට පැමිණියේ "කරුණා සමඟ සරිගම" යන ආකර්ශනීය සංගීත කණ්ඩායමයි එහිදි නව පරපුරේ ගායක ගායිකාවන් විශාල ප්‍රමාණයක් එදින ගීතවත් වු අතර ඒ අතරින්. රෝයි ජැක්සන්, නවගම්පුර ගනේෂ්, සුජා, සන්තුජා, මනෝජ්, නිලුක්ෂි වැනි කලාකරුවන් විසින් ඉදිරිපත් කල විශිෂ්ට සංගීත නිර්මාණයන් පැමිණ සිටි පිරිස රසාලිප්ත කරවුයේ නොමැකෙන මතක සටහනක් ගොන්නක් එකතු කරමිනි.

මෙම අවස්ථාවට එක්වු ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ගෞරවනීය පැමිණීම සංගිත රාත්‍රියට විශේෂත්වයක් එක් කල අතර. මෙම උත්සවය අද දෙරණ 24 නාලිකාවේ සජීවී විකාශනය හරහා පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත රැගෙන යන ලදී.

මෙම අවස්ථාව සඳහා ආඥාපති මුලස්ථාන භකාස අණසක හා ශ්‍රිලවියාබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ඇතුළු,නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් සහභාගී වූ අතර. මෙම සියළු දෙනාගේම එකමුතු බව, Asianpaints Causeway Musical Night සංගීත ප්‍රසංගය අමතක නොවන කටයුත්තක් බවට පත් කිරීමට දායක විය.