Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

31st July 2023 21:25:42 Hours

61 වන මනුසත් දෙරණ ප්‍රජා සත්කාරක සේවා වැඩසටහන

61 වන මනුසත් දෙරණ ප්‍රජා සත්කාරක සේවා වැඩසටහන

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාව සමග ඒකාබද්දව “දෙරණ” රූපවාහිනි නාලිකාව විසින් ක්‍රියාත්මක කරුනු ලබන “මනුසත් දෙරණ” ප්‍රජා සත්කාරක සේවා වැඩසටහනේ 61 වන වැඩසටහන උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපල පරිශ්‍රයේදි 2023 ජූලි මස 29 වන දින ක්‍රියාත්මක කරන ලදි. මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූ අතර ශ්‍රීලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නන්දනී සමරකෝන් මහත්මිය සහ “මනුසත් දෙරණ” වැඩසටහනේ සභාපති මහේෂ් ජයවර්ධන මහතාද සහභාගී වූහ.

තවද, මෙම රෙජිමේන්තුව යටතේ රාජකාරි කර විශ්‍රාම ගොස්, ස්ථීර නිවසක් නොමැතිව ජීවත්වන සෙ/2එම්00553 කෝප්‍රල් තිලකරත්න එම් ය කොනොනි හට “අමිල ටයර් හවුස්” අධිපති තුමාගේ මූල්‍ය පරිත්‍යාගයෙන්ද, ශ්‍රීලවියාඉමුවැ (උඩවලව) හි රාජකාරී කරනු ලබන සෙනීන්ගේ ශ්‍රම දායකත්වයෙන් හා සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛාවේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ඉදිකර, නිම කරන ලද නව නිවස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සුරතින් එදින කොනොනි හට පරිත්‍යාග කිරීම සිදු කිරීම සිදු කරන ලදි.