Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

11th March 2024 22:55:58 Hours

2024 අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේදී " බී " කාණ්ඩයේ ශ්‍රීලංසිරෙ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ශ්‍රීලවියාඉබ ක්‍රිකට් කණ්ඩායම විශිෂ්ඨ ජයක් ලබා ගන්නා ලදී

2024 අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේදී " බී " කාණ්ඩයේ ශ්‍රීලංසිරෙ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ශ්‍රීලවියාඉබ ක්‍රිකට් කණ්ඩායම විශිෂ්ඨ ජයක් ලබා ගන්නා ලදී

යුද්ධ හමුදා ‘ බී ’ කාණ්ඩයේ 2024 අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තුවට එරෙහිව ලකුණු 108ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු ක්‍රිකට් කණ්ඩායම සමත් විය. මෙම තරගය 2024 මාර්තු 11 වැනි දින පනාගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

එහිදී ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව පන්දුවාර 50ට කඩුලු 08ක් දැවී 294ක් ලබා ගන්නා ලදී. පිළිතුරු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුව පන්දුවාර 43ක දී සියලු දෙනා දැවී 186ක් ලබා ගන්නා ලදී.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව කණ්ඩායම වෙනුවෙන් සෙ/එම්101678 කාසෙ ඥාණරත්න එන්ජීපීකේඑම් පන්දු 103ක දී කැපී පෙනෙන ලකුණු 90ක් සහ සෙ/එම්101187 ලා/කෝ මැන්දිස් බීආර්එන් පන්දු 92ක දී ලකුණු 57ක් ලබාගන්නා ලදී. පන්දු යැවීමේදී සෙ/2136965 ආසෙ සමරතුංග ටීඑස් ලකුණු 24ක ට කඩුලු 7ක් දවා ගැනීමට සහ සෙ/632184 කාසෙ ධනංජය පීඒඅයි ලකුණු 34ක ට කඩුලු 02ක් දවා ගැනීමට සමත් විය.

එහිදී අවසන් තරගයේ වීරයා සම්මානය පන්දු 103ක දී කැපී පෙනෙන ලකුණු 90ක් ලබාගත් සෙ/එම්101678 කාසෙ ඥාණරත්න එන්ජීපීකේඑම් හට හිමිවිය.