Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

11th March 2024 18:00:40 Hours

2024 අන්තර් රෙජිමේන්තු ධාවන පැදි ශුරතා තරගාවලියේ ශ්‍රීලවියාඉබ ධාවන පැදි කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

2024 අන්තර් රෙජිමේන්තු ධාවන පැදි ශුරතා තරගාවලියේ ශ්‍රීලවියාඉබ ධාවන පැදි කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

යුද්ධ හමුදා මොටර් ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කරනු ලැබු යුද්ධ හමුදා 5 වන අන්තර් රේජිමේන්තු ධාවන පැදි තරගාවලිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති තුමන්ගේ මග පෙන්වීම යටතේ සහ යුද්ධ හමුදා මොටර් රථ ක්‍රීඩා කමිටු සභාපති තුමන්ගේ පුර්ණ අධික්‍ෂණය යටතේ 2024.03.11 වන දින ගජබා සුපර්ක්‍රෝස් ධාවන පථය - සාලියපුරහිදි පැවැත්විය.

එහිදී රෙජිමේන්තු 13 ක් අතුරින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව ලකුණු 104 ක් ලබා ගනිමින් තරගාවලියේ ශූරතාවය ලබා ගන්නා ලදි.

යුද්ධ හමුදා 5 වන අන්තර් රේජිමේන්තු ධාවන පැදි තරගාවලියේදි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු කණ්ඩායම ලබාගත් ජයග්‍රහනයන්.

  • ස්ටෑන්ඩඩ් 125 සීසී (ආධුනික) ඉසව්ව
  • ලුතිනන් ඩබ්පීඑල් විදුරංග ශ්‍රීලවියාඉබ (නි/72377) -දෙවන ස්ථානය

  • රේසීන් 125 සීසී ඉසව්ව
  • සෙ/631487ලා/කෝ ජයශාන් කේඒඩීආර් - ප්‍රථම ස්ථානය

  • ස්ටෑන්ඩඩ් 125 සීසී ඉසව්ව
  • සෙ/630400 කෝප්‍රල් ගයාන් එච්එම්එස්එස් - ප්‍රථම ස්ථානය

  • ස්ටෑන්ඩඩ් 250 සීසී ඉසව්ව
  • සෙ/630400 කෝප්‍රල් ගයාන් එච්එම්එස්එස් - ප්‍රථම ස්ථානය

    සෙ/631282 කාසෙ ෂෙහාර එච්ඒ - තෙවන ස්ථානය

  • රේසින් 250 සීසී ඉසව්ව
  • සෙ/631487 ලා/කෝ ජයශාන් කේඒඩීආර් - ප්‍රථම ස්ථානය

    එහිදී යුද්ධ හමුදා 5 වන අන්තර් රේජිමේන්තු ධාවන පැදි තරගාවලියේදි දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය සෙ/631487 ලා/කෝ ජයශාන් දිනා ගැනීමට සමත් විය.