Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

08th June 2024 11:05:29 Hours

17 වන වාර්ෂික සුහද හමුව - සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛාව

17 වන වාර්ෂික සුහද හමුව - සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛාව

සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛාවේ 17 වන වාර්ෂික සුහද හමුව 2024.06.07 වන දින මීගමුව Dutch Trails හෝටල් පරිශ්‍රයේදී සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛා ගරු සභාපතිනි නන්දනී සමරකෝන් මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු කරන කරනු ලැබූ අතර, විශේෂ ආරාධිත අමුත්තියන් වශයෙන් සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛාවේ හිටපු ගරු සභාපතිනියන් වන ශිරෝෂි ජයසූරිය මැතිණිය සහ ප්‍රියදර්ශණි සිරිනාග මැතිණිය සහභාගි විය.

උත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් සහභාගි වූ සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛා ගරු සභාපතිතුමිය සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛා ගරු උප සභාපතිතුමිය විසින් මල් කළඹක් දී ඉතා උණුසුම් අයුරින් පිලිගත් අතර, විශේෂ ආරාධිත අමුත්තියන් වශයෙන් සහභාගි සේවා වනිතා හිටපු ගරු සභාපතිතුමියන් සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛා ගරු සභාපතිතුමිය විසින් ඉතා උණුසුම් අයුරින් පිලිගන්නා ලදි.

උත්සවයෙහි සමාරම්භය සනිටුහන් කරමින් සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛා ගරු උප සභාපතිතුමිය විසින් පිලිගැනීමේ කතාව සිදුකල අතර, ඉන් පසු සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛා හිටපු ගරු සභාපතිතුමියන් විසින් හා වත්මන් ගරු සභාපතිතුමිය විසින් රණවිරු සුභසාධනය වෙනුවෙන් සිදු කරන ලද සුභසාධන වැඩසටහන් පිළිබඳව මතක ආවර්ජිත රූප රාමු සියල්ලන් ඉදිරියේ ප්‍රදර්ශණය කරන ලදි. ගායනයෙන්, නර්ථනයෙන් හා මියුරු සංගීතයෙන් රසවත් වූ මෙම වැඩසටහන අතරවාරයේ සේවා වනිතා සාමාජිකාවන් වෙනුවෙන් විනෝද ක්‍රීඩා ඉසව් කිහිපයක් ද පවත්වන ලැබූ අතර, ජයග්‍රාහිකාවන් හට එහිදී වටිනා ත්‍යාග පිරිනමන ලදි.

මේ සඳහා ශ්‍රීලවියාඉබ සේවා වනිතා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් හා සෙසු සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගි වූ අතර, ශ්‍රීලවියාඉ බලකාය නියෝජනය කරමින් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ බළකාධිපති ශ්‍රීලවියාඉබ වශයෙන් රාජකාරි කරනු ලබන මේජර් ජෙනරාල් එස්පීඒඅයිඑම්බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලධාරීන් පිරිසක් සහභාගී වන ලදී.