Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

09th March 2024 12:48:18 Hours

‘රටකි, දැයකි, ලොවකි ඇය’

‘රටකි, දැයකි, ලොවකි ඇය’

2024.03.08 දිනට යෙදී තිබූ ලෝක කාන්තා දිනය නිමිතිකරගනිමින් විශේෂ කාන්තා දින සැමරුම් වැඩසටහනක් සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛා ගරු සභාපතිනී නන්දනී සමරකෝන් මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2024.03.08 වන දින සැන්දෑවෙහි මින්නේරිය ‘Gunner’s Club’ පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කරන ලදි.

මියුරු සංගීත වාදනයන් මධ්‍යයේ පැවති මෙම වැඩසටහන විචිත්‍රවත් රංගනයන් හා ගායනයන් සමඟින් වර්ණවත් වූ අතර, එම සොඳුරු අවස්තාව තවදුරටත් රසවත් කිරීම සඳහා සහභාගි වූ සාමාජිකාවන් වෙනුවෙන් තරඟ ඉසව් කිහිපයක් පවත්වා තරඟ ජයග්‍රාහිකාවන් සහ වැඩසටහන සඳහා සහභාගි වූ සියළුම අයවලුන් හට ගරු සභාපතිතුමියගේ සුරතින් විශේෂ ත්‍යාගයන් පිරිනැමීමට කටයුතු කරන ලදි.

මෙම උත්සව අවස්ථාවට සේවා වනිතා ශ්‍රිලවියාඉබ ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්/සෙසු සාමාජිකාවන් විශාල පිරිසක් මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සහ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රීලවියාඉබ බළකාධිපති මේජර් ජෙනරාල් ඉන්දු සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහභාගී විය.