Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

13th December 2023 08:30:00 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 74 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 74 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 74 වන සංවත්සරය පසුගිය අගහරුවාද (දෙසැම්බර් මස 12) දින ශ්‍රිලංයුහවියාඉක - කොස්ගම කදවුරු පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් සමරන ලදී. සංවත්සර සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආඥාපති මුලස්ථාන භකාස අණසක හා ශ්‍රිලවියාබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී සහභාගී විය.

ශ්‍රිලංයුහවියාඉක - කොස්ගම කඳවුරු පරිශ්‍රවය වෙත පැමිණි ආඥාපති මුලස්ථාන භකාස අණසක හා ශ්‍රිලවියාබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදානුකූලව කදවුරු මුරයක් සහ බළඇණි 09යකින් සමන්විත සම්මාන පෙළපාලියක් පිරිනමමින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව ශ්‍රිලංයුහවියාඉක - කොස්ගම කදවුරු පරිශ්‍රයේ ඉදිකරනු ලැබූ නව සෙසුනිල භෝජණාගාරය එතුමන්ගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කර විවෘත කරනු ලැබීය. අනතුරුව එතුමන් සියළු නිල සමුහ චායාරෑපයකට පෙනි සිටින ලදි. සංවත්සරය දිනය නිමිත්තෙන් සියලු නිල භෝජණ සංග්‍රහයක් නවතමයෙන් ඉදිකරන ලද සෙසු නිල භෝජණාගාරයේදි පවත්වන ලදි. එදින සන්ධ්‍යා කාලයේදි සියළු නිල සහභාගිත්වයෙන් සංගීත ප්‍රසංගයක්ද පවත්වන ලදි. මෙම සංවත්සර දින සැමරුම් උත්සවය සඳහා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි වූහ.