Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

01st November 2018 21:49:58 Hours

ශ්‍රීලවියාඉ අන්තර් බළඇණි වොලිබෝල් තරගාවලියේ ශූරතාවය රෙජිමේන්තු මධ්‍යස්ථාන කණ්ඩාමයට

ශ්‍රීලවියාඉ අන්තර් බළඇණි වොලිබෝල් තරගාවලියේ ශූරතාවය රෙජිමේන්තු මධ්‍යස්ථාන කණ්ඩාමයට

ශ්‍රීලවියාඉ බළකාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව රෙජිමේන්තුවේ නිළධාරීන්ගේ හා සෙසුනිළයින්ගේ සුහදතාවය හා ක්‍රීඩා කෞෂල්‍ය ඔප් නැංවීමේ අරමුණින් මෙවරද අන්තර් බළඇණි වොලිබෝල් තරගාවලිය 2018.10.18 හා 19 යන දෙදින වියාඉ පුහුණු පාසල - ගන්නෝරුව ක්‍රීඩාංගනයේදී ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. මෙහිදී විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් බලකාධිපතිතුමන් සහභාගි වූ අතර එතුමන් පුහුණු පාසල සේනාවිධායකතුමන් විසින් ඉතාමත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අණතුරුව වියාඉ බළඇණි/වැඩපල හා පුහුණු පාසල අතුරින් ක්‍රීඩා කණ්ඩායම් 15 කගේ සහභාගීත්වයෙන් උණුසුම් තරගාවලියක් පැවැත්වීමෙන් පසුව අවසන් මහා තරගය සදහා රෙජිමේන්තු මධ්‍යස්ථාන කණ්ඩායම හා වියාඉ මූලික වැඩපල - කොළඹ කණ්ඩායම තේරිපත් විය. අවසන් මහ තරගාවලියේ කරට කර පැවැති ඉතා තියුණු තරග වට 05 කින් පසුව 3/5 ක් වශයෙන් රෙජිමේන්තු කණ්ඩායම ශූරතාවය දිනාගන්නා ලදී. එහිදී අනුශූරතාවය වියාඉ මූලික වැඩපළ - කෙලඹ වෙත හිමිවිය. ශූරතාවය දිනාගත් රෙජිමේන්තු කණ්ඩායම බළකාධිපතිතුමන් සමගින් විශේෂ ඡායාරූපයකටද පෙනී සිටින ලදී. මෙම තරගාවලිය නැරඹීම සදහා සියළු වියාඉ ස්ථානයන් නියෝජනය කරමින් අණදෙන නිළධාරිවරුන් හා විශාල භඨපිරිස් ප්‍රමාණයක් සහභාගි වූහ.