Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

11th April 2024 22:40:28 Hours

ශ්‍රීලවියාඉබ සේවා වනිතා අවුරුදු උදානය - 2024

ශ්‍රීලවියාඉබ සේවා වනිතා අවුරුදු උදානය - 2024

2024 සිංහල හා දෙමල අලුත් අවුරුද්ද උදාව නිමිත්තෙන් ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ පුර්ණ මගපෙන්විම මත සාම්ප්‍රදායික බක්මහ උළෙලක් සේවා වනිතා ශ්‍රිලවියාඉබ ශාඛා ගරු සභාපතිනි නන්දනි සමරකෝන් මැතිනියගේ ප්‍රධානත්වයෙන් හා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන හා ශ්‍රිලවියාඉ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහභාගිත්වයෙන් 2024 අප්‍රේල් මස 10 වන දින සීතාවක පුරවරයේහිදි (කොස්ගම) ඉතා උත්කර්ෂවත් අයුරින් සංවිධානය කර පැවැත්විමට කටයුතු කරන ලදි.

ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ පුර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් පැවැති මෙම අවුරුදු උත්සවය සදහා ශ්‍රිලවියාඉබ බලකායේ සෙබලුන් විසින් නිර්මාණය කරන ලද ශ්‍රි ලාංකේය ගැමි සම්ප්‍රදායන් පිළිබිඹුවන එක් එක් කලාත්මක නිර්මාණ හා විචිත්‍රවත් නර්ථනාංගයන් තුලින් උත්සව භුමිය වර්ණවත් කරන ලදි.

අවුරුදු උත්සවයේ සමාරම්භය සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා සනිටුවහන් කිරිමෙන් පසු බනිස් කෑම, කොට්ට පොර ගැසීම, ග්‍රීස් ගසේ නැගීම, දෙහි රේස්, ඉදි කටුවට නුල දැමීම, බෝතලයට වතුර පිරවිම, කඹ ඇදිම, විකට ඇදුම් තරගය, වාසනා මුට්ටිය බිදිම, සගයාට කිරි කැවීම, බිත්තර ඇල්ලිම, අවුරුදු කුමරා සහ කුමරිය තේරිමේ තරගය ඇතුළු තවත් ඉසව් රාශියක් පැවැත්විමට කටයුතු කරනු ලැබු අතර, තරග ඉසව් සදහා සහභාගිවු තරගකරුවන් අතුරින් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට ඉතා ඉහල වටිනාකමකින් යුතු ත්‍යාග හා මුදල් ත්‍යාග පිරිනැමිමට කටයුතු කරන ලදි.

අවස්ථාව සදහා ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී නන්දනි සමරකෝන් මැතිණිය මෙන්ම යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන හා ශ්‍රිලවියාඉ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින් සහ සේවා වනිතා ශ්‍රිලවියාඉබ ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්/ සෙසු සාමාජිකාවන් මෙන්ම රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් සහභාගි විය.