14th September 2024 10:30:34 Hours
සෑම කාර්තුවකට වරක් පවත්වනු ලබන ශ්‍රිලවියාඉබ නිලධාරි පුහුණු වැඩමුළුව සියළුම බළඇණි/මුලික වැඩපලයන්/පාසලහි ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් රෙම ශ්‍රිලවියාඉබ කදවුරු පරිශ්‍රයේදි 2024.09.13 (සිකුරාදා) දින සාර්ථකව පවත්වන ලදි.
එදින උදෑසන නිලධාරින් ශාරිරික අභ්‍යාස සහ අසි සරඹ පුහුණූවක් සදහා සහභාගිවු අතර, අනතුරුව එම අවස්ථාවට සම්බන්ධ වු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් හට ‘යුධ සාහිත්‍ය’ පිළිබද දේශනයක් ලුතිනන් කර්නල් ඊ ඒ ඒ සුජිත් චමින්ද ශ්රිලයුකෘබ විසින් පවත්වන ලදි. දිවා ආහාරයෙන් පසුව කපිතන් ජි ටි එස් නදීශානි ශ්‍රීලයුපොදුසේබ විසින් ‘මුපඋ’ පිළිබද දේශනයක් පවත්වමින් වැඩමුළුවට සහභාගිවු නිලධාරින් දැනුවත් කිරිමට කටයුතු කරන ලදි. අනතුරුව සන්ධ්‍යා කාලයේදී රෙම ශ්‍රීලවියාඉබ නිලධාරි නිවස්න පරිශ්‍රයේ පිහිටි ‘Diners Club’ හිදී ලුතිනන් කර්නල් එස් එම් එන් කේ බී සෙනවිරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි විසින් “Future through Believes” පිළිබඳව දේශනයක් පවත්වන ලදි.
අදාල වඅඩමුළුව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩි ඒ සිරිමාන්නගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා නිලධාරින් 70 කට අධික පිරිසක් සහභාගී විය.