Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

02nd December 2023 15:27:14 Hours

ශ්‍රිලවියාඉබ නිලධාරි පුහුණූ වැඩමුළුව

ශ්‍රිලවියාඉබ නිලධාරි පුහුණූ වැඩමුළුව

සෑම කාර්තුවකට වරක් පවත්වනු ලබන ශ්‍රිලවියාඉබ නිලධාරි පුහුණූ වැඩමුළු සියළුම බළඇණි/මුලික වැඩපලයන්/පාසලහි ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් රෙම ශ්‍රිලවියාඉබ කදවුරු පරිශ්‍රයේදි 2023.12.01 (සිකුරාදා) දින ඉතා සාර්ථකව පවත්වන ලදි.

එදින උදෑසන නිලධාරින් ශාරිරික අභ්‍යාස, අසි සරඹ පුහුණූවක් සදහා සහභාගිවු අතර, අනතුරුව එම අවස්ථාවට සම්බන්ධ වු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් හට ඔරුගොඩවත්ත කොරියන් කාර්මික අභ්‍යාස ආයතනයේ උපදේශකයෙකු ලෙස කටයුතු කරනු ලබන සමන් බණ්ඩාර මහතා විසින් ‘විද්‍යුත් මෝටර් රථ තාක්‍ෂණය’ පිළිබද හරවත් දේශණයක් සිදුකරමින් නිලධාරින් දැනුවත් කිරිම සිදු කරන ලදි.

දිවා ආහාරයෙන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි III (භකාස) වශයෙන් කටයුතු කරන මේජර් එන් ඩි ජි ටි නානායක්කාර ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ‘ඉංජිනේරු අංශයට අදාල වෘත්තිමය සමාජිකත්ව ලබා ගැනිම’ පිළිබද දේශණයක් සිදු කරමින් වැඩමුළුවට සහභාගිවු නිලධාරින් දැනුවත් කිරිමට කටයුතු කරන ලදි. ඉන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (ඉදිරි සැලසුම්) වශයෙන් කටයුතු කරන මේජර් කේ පී පී සී කරුණානායක ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ‘නිලධාරි ඉදිරි වෘත්තිය ප්‍රගමණය’ පිළිබද දේශණයක් සිදු කරන ලදි.

අනතුරුව රෙම ශ්‍රිලවියාඉබ නිලධාරි නිවස්න පරිශ්‍රයේදි සන්ධ්‍යා කාලයේදි පවත්වන්නට යෙදුණු ‘Diners Club’ හිදි ආචාර්ය ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් ඉතා හරවත් දේශණයක් සිදු කරමින් එම අවස්ථාවට සහභාගිවු නිලධාරින් දැනුවත් කරන ලදි.

එම අවස්ථාව සදහා වියාඉ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් එස් ඒ එන් ජේ ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී කළුතරආරච්චි, නියෝජ්‍ය සේනාවිධායක කර්නල් පීඩිඑල්ඒසී සිරිසේන ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් 70ව කට අධික පිරිසක් ඒ සදහා එක්විය.