Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

22nd May 2023 21:30:49 Hours

ශ්‍රිලවියාඉබ නිලධාරි පුහුණූ වැඩමුළු

ශ්‍රිලවියාඉබ නිලධාරි පුහුණූ වැඩමුළු

සෑම කාර්තුවකට වරක් පවත්වනු ලබන ශ්‍රිලවියාඉබ නිලධාරි පුහුණූ වැඩමුළු සියළුම බළඇණි/මුලික වැඩපලයන්/පාසලහි ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් රෙම ශ්‍රිලවියාඉබ කදවුරු පරිශ්‍රයේදි 2023.05.22 (අගහරුවාද) දින ඉතා සාර්ථකව පවත්වන ලදි.

එදින උදෑසන නිලධාරින් ශාරිරික අභ්‍යාස, අසි සරඹ පුහුණූවක් සදහා සහභාගිවු අතර, අනතුරුව එම අවස්ථාවට සම්බන්ධ වු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් හට ඔරුගොඩවත්ත ජපන් කාර්මික අභ්‍යාස ආයතනයේ මෝටර් කාර්මික අංශයේ අංශ ප්‍රධානි ලෙස කටයුතු කරනු ලබන ප්‍රියන්ත මුණසිංහ මහත විසින් ‘මෝටර් රථ තාක්‍ෂණයේ නව සොයාගැනීම්’ පිළිබද හරවත් දේශණයක් සිදුකරමින් නිලධාරින් දැනුවත් කිරිම සිදු කරන ලදි.

දිවා ආහාරයෙන් අනතුරුව ඩීමෝ ලංකා ආයතනයේ සේවා ඉංජිනේරු මධූර විජේසිංහ මහතා විසින් ‘වාහනවලින් පිටවන අහිතකර වායුන් පාලනයට නවීන තාක්ෂණය’ පිළිබද දේශණයක් සිදු කරමින් වැඩමුළුවට සහභාගිවු නිලධාරින් දැනුවත් කිරිමට කටයුතු කරන ලදි.

අනතුරුව රෙම ශ්‍රිලවියාඉබ නිලධාරි නිවස්න පරිශ්‍රයේදි සන්ධ්‍යා කාලයේදි පවත්වන්නට යෙදුණු ‘Diners Club’ හිදි නිතීඥ ප්‍රථිභා මහානාමහේවා මහතා විසින් ඉතා හරවත් දේශණයක් සිදු කරමින් එම අවස්ථාවට සහභාගිවු නිලධාරින් සිවිල් නීතිය සම්බන්ධව දැනුවත් කරන ලදි.

එම අවස්ථාව සදහා ආඥාපති මුලස්ථාන භකාස අණසක හා ශ්‍රිලවියාබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, වියාඉ අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් ජේඒආර්එස්කේ ජයසේකර යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස් ඒ එන් ජේ ආරියසේන, නියෝජ්‍ය සේනාවිධායක කර්නල් පීඩිඑල්ඒසී සිරිසේන ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් 70වකට අධික පිරිසක් ඒ සදහා එක්විය.

.