Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

09th January 2021 07:40:13 Hours

යුද්ධ හමුදා දිවියෙන් නික්ම යන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග වෙත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාය වෙතින් ගෞරවාචාර පිරිනැමෙයි

යුද්ධ හමුදා දිවියෙන් නික්ම යන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග වෙත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාය වෙතින් ගෞරවාචාර පිරිනැමෙයි

යුද්ධ හමුදාව වෙනුවෙන් වසර 35 කට වැඩි අනගිභවනීය සේවය අවසානයේ විශ්‍රාම යෑම සදහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාය සංවිධානය කරන ලද සම්ප්‍රදායානුකූල සමුගැනීමේ උත්සවය 2021.01.08 දින කොළඹ 02 හි ස්ථාපිත ශ්‍රීලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකා මූලස්ථානයේ දී පවත්වන ලදි. එම අවස්ථාවේ එතුමන් පිළිගැනීම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් නිලාම් හේරත් විසින් සිදු කිරීමෙන් අනතුරුව භඨපිරිස් විසින් කදවුරු මුරයක් හා සම්මාන පෙළපාලියක් පවත්වන ලදි. පසුව සියලු නිලයන් ආමන්ත්‍රණය කරමින් තම සේවා කාලය තුල ලබා දුන් සහයෝගය පිලිබදව මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග සිය හෘදයාංගම ස්තූතිය පුදකර සිටින ලදි. තවද සියළු නිලයන් සදහා වූ තේපැන් සංග්‍රහය සදහාද සහභාගි වන ලදි. විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත සුභ විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරමින් සුභාශිංසන එක්කිරීම සදහා ශ්‍රීලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන බ්‍රිගේඩියර් ඉන්දු සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින්රැසක් එක්වූහ.

එදින රාත්‍රීය්දී නික්ම යන වියාඉ ඉංජිනේරු අධිපති මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග හා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය වන ප්‍රියදර්ශනී සිරිනාග මැතිනිය සදහා රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලද අතර එහිදී මධ්‍යස්ථාන සේනාවිධායක වන බ්‍රිගේඩියර් නිලාම් හේරත් විසින් වසර 35 ක අධික කාලයක් තුල ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායට සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදාව තුල සිදුකල සේවාව ඇගයීම සදහා ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදි. තවද බ්‍රිගේඩියර් ඉන්දු සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමා විසින් හා එම මැතිනිය විසින් නික්ම යන බලකාධිපති තුමා හා වියාඉ සේවා වනිතා ශාඛා සභාපතිනිය වන ප්‍රියදර්ශනී සිරිනාග මැතිනිය හට පිළිවෙලින් සමරු තිලිණයන් ප්‍රධානය කරන ලදි. සාම්ප්‍රදායනුකූලව රාත්‍රී භෝජන සංග්‍රහය අවසානයේ සහභාගී වූ සියළු නිලධාරීන් විසින් රාත්‍රී භෝජන සංග්‍රහයේ ප්‍රධාන අවස්ථාව වන මේජර් ජෙනරාල් සිරිනාග සහ එම මැතිනිය රථයක නංවා රථ පෙලපාලියන් මගින් සියලු නිලධාරීන්ගේ හරසර මතින් ගමන් කරවන ලදි. රාත්‍රි භෝජන සංග්‍රහය අවසානයේ විශ්‍රාම ගත් ‍ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ එම මැතිනිය හට සුභාශිංසන එක්කිරීම සදහා බ්‍රිගේඩියර් ඉන්දු සමරකෝන් හා එම මැතිනිය ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් රුසක් සහභාගී වන ලදි.