Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

28th February 2024 16:17:46 Hours

මේජර් ජෙනරාල් ටී ඒ පිරිස් පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ නිල උසස්විම

මේජර් ජෙනරාල් ටී ඒ පිරිස් පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ නිල උසස්විම

මේජර් ජෙනරාල් ටී ඒ පිරිස් පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් හට නිල උසස්වීම් ලැබීමෙන් පසු උපහාර පිදිමේ උත්සවයක් 2024 පෙබරවාරි 28 (බදාදා) වන දින රෙම ශ්‍රිලවියාඉබ කදවුරු පරිශ්‍රයේදි සිදු විය.

එහිදි මේජර් ජෙනරාල් ටී ඒ පිරිස් පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී හට යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කදවුරු ආරක්ෂක මුරයක් සහ සම්මාන මුරයක් පිරිනමමින් එතුමන්ව උණුසුම්ව පිලිගැනිම රෙජිමේන්තු මධ්‍යස්ථානය රෙම ශ්‍රිලවියාඉබහිදි සිදු විය.

තත් ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රිලවියාඉබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ව බලකාධිපති නිල කාර්යාලයේදි හමුවු අතර, එහිදි එතුමන්ගේ සුභාශිංසන පිරිනමන ලදි.

මෙම අවස්ථාව සදහා ශ්‍රිලවියාඉබ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේනාවිධායකවරුන්, ඒකක අණදෙන නිලධාරීන් ඇතුළු නිලධාරින් බොහෝ පිරිසක් සහභාගි විය.