Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

12th July 2024 16:27:18 Hours

බ්‍රිගේඩියර් කේ ඒ ආර් කේ ඩයස් යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නිල උසස්විම

බ්‍රිගේඩියර් කේ ඒ ආර් කේ ඩයස් යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නිල උසස්විම

බ්‍රිගේඩියර් කේ ඒ ආර් කේ ඩයස් යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට නිල උසස්වීම් ලැබීමෙන් පසු උපහාර පිදීමේ උත්සවයක් 2024 ජුලි මස 12 (සිකුරාදා) වන දින රෙම ශ්‍රිලවියාඉබ කඳවුරු පරිශ්‍රයේදි සිදු විය.

එහිදි බ්‍රිගේඩියර් කේ ඒ ආර් කේ ඩයස් යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු ආරක්ෂක මුරයක් පිරිනමමින් එතුමන්ව උණුසුම්ව පිලිගැනීම රෙජිමේන්තු මධ්‍යස්ථානය රෙම ශ්‍රිලවියාඉබහිදි සිදු විය.

තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රිලවියාඉබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් බලකාධිපති නිල කාර්යාලයේදි හමුවු අතර, එහිදි එතුමන්ගේ සුභාශිංසන පිරිනමන ලදි. අනතුරුව සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සමග සමුහ ජායාරූපයකට පෙනි සිටි අතර, රෙම ශ්‍රිලවියාඉබ නිලධාරී නිවස්නයේදි එතුමන් වෙනුවෙන් පැවැත්වු විශේෂ තේ පැන් සංග්‍රහය සඳහා එක් විය.

මෙම අවස්ථාව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩි ඒ සිරිමාන්නගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේනාවිධායකවරුන්, ඒකක අණදෙන නිලධාරීන් සහ නිලධාරින් බොහෝ පිරිසක් සහභාගි විය.