Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

04th January 2025 10:16:00 Hours

නිලධාරි පවුල් සුහද හමුව - 2024

නිලධාරි පවුල් සුහද හමුව - 2024

75 වන ශ්‍රිලවියාඉබ සංවත්සරයට සමගාමිව සංවිධානය කරන ලද වාර්ෂික නිලධාරි පවුල් සුහද හමුව ඉතා විචිත්‍රවත් ලෙස 2025 ජනවාරි මස 03 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්න පරිශ්‍රයේදි ශ්‍රිලවියාඉබ බලකාධිපති මේජර් ජෙනරාල් ටි ඒ පීරිස් පීටිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.විචිත්‍රවත් විශේෂාංග රාශියකින් මෙවරත් නිලධාරි පවුල් සුහද හමුව හැඩ ගන්වා තිබු අතර, දිනුම් ඇදීම් සඳහා වටිනා තැගී, හොටෙල් පැකේජ සහ ගුවන් ටිකට්පත් ද සමගින් විවිධ සිත්ගන්නා සුළු ක්‍රිඩා තරග හා සංගීත ප්‍රසංගයක්ද සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාව සදහා ශ්‍රිලවියාඉ බලකායේ සේවයේ නියුතු හා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ පවුල්වල සාමාජිකයින් 300 කට වැඩි පිරිසක් සහභාගි විය.