Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

09th October 2023 23:37:49 Hours

නව මධ්‍යස්ථාන සේනාවිධායක වැඩ භාර ගැනීම

නව මධ්‍යස්ථාන සේනාවිධායක වැඩ භාර ගැනීම

ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 20 වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් සී කළුතරආරචිචි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 ඔක්තෝබර් මස 09 (සදුදා) දින රෙම ශ්‍රිලවියාඉබ හිදි සුභ මොහොතින් රාජකාරි භාරගැනීම සිදු විය.

එහිදි බ්‍රිගේඩියර් සී කළුතරආරචිචි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කදවුරු ආරක්ෂක මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමිමෙන් පසු ආගමික වතාවත් සිදු කරමින් සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි.

ඉන් අනතුරුව නව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් සමුහ සියළු නිල තේ පැන් සංග්‍රහයට එක් වු අතර, එම අවස්ථාව සදහා රෙම ශ්‍රිලවියාඉබහි නියෝජ්‍ය සේනාවිධායක තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් නිලධාරින් සහ සියළුම සෙසුනිලයින් සහභාගි විය.