Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

15th December 2023 11:49:57 Hours

නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ඔහුගේ මව් රෙජිමේන්තුවට කල ප්‍රථම සංචාරය.

නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ඔහුගේ මව් රෙජිමේන්තුවට කල ප්‍රථම සංචාරය.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී (DCOS) ධුරයට අභිනවයෙන් පත් වූ මේජර් ජෙනරාල් SPAIMB සමරකෝන් Hdmc Lsc, යුද්ධ හමුදා මූලස්ථානයේ නව ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව සිය ප්‍රථම ගෞරවනීය සංචාරය ඔහුගේ මව් රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත 2023 දෙසැම්බර් 15 වන දින සිදු කරන ලදි.

ඔහු ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් දායාද කරන ලද හතරවන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ද වේ. ශ්‍රිලවියාඉ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, බ්‍රිගේඩියර් සී කළුතරආරච්චි විසින් මේජර් ජෙනරාල් ඉන්දු සමරකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පැමිණිම ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, අනතුරුව කදවුරු මුරය පිළිගැනිම සදහා ආරාධනා කරන ලදි.

අනතුරුව හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව සරඹ භූමියේදි සම්මාන මුරයක් පිරිනමන ලදී. පසුව, ඔහු නිලධාරීන් අමතා, දුෂ්කරතා, අභියෝග සහ ප්‍රීතිමත් අවස්ථාවන්ගෙන් පිරුණු තම සාර්ථකත්වයට මාවත විවර කිරීම පිළිබඳව ශ්‍රිලවියාඉබහි හිටපු සහ වත්මන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙබළුන්ට සිය අවංක කෘතඥතාව පළ කළේය.

නිළධාරී නිවස්න පරිශ්‍රයේදි සමූහ ඡායාරූපයක් සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානිතුමන් හට ආරාධනා කරන ලද අතර, සියලුම නිළධාරීන් විසින් නව පත්වීම් ලද නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රිලවියාඉබහි බලකාධිපති සමග, නිලධාරි නිවස්නයෙහි පැවති තේ පැන් සංග්‍රහයට සහභාගිවු අතර, එහිදි එම අවස්ථාවේදි එතුමන් සහභාගිවු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සමග අදහස් හුවමාරු කර ගන්නා ලදී.