Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

25th April 2024 16:57:52 Hours

ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ විශ්‍රාම ගැනීම නිමිත්තෙන් රෙම ශ්‍රීලවියාඉබ හිදී පැවැත්වු වැඩසටහන් මාලාව

ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ විශ්‍රාම ගැනීම නිමිත්තෙන් රෙම ශ්‍රීලවියාඉබ හිදී පැවැත්වු වැඩසටහන් මාලාව

ශ්‍රීලවියාඉමූවැ (කටු) සේනාවිධායක වශයෙන් රාජකාරි කල කර්නල් ආර් සී ජයතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඔහුගේ කීර්තිමත් වසර 34ක යුද්ධ හමුදා දිවිය නිමා කරමින් විශ්‍රාම ගැනිම වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් රෙම ශ්‍රිලවියාඉබ කදවුරු පරිශ්‍රයේදි 2024 අප්‍රේල් 22 (සදුදා) දින සිදු කරන ලදි.

එදින රාත්‍රියේදි නික්ම යන කර්නල් ආර් සී ජයතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරි හට භෝජන සංග්‍රහයක් පවත්වන ලද අතර, එහිදි මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩී ඒ සිරිමාන්නගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායට සහ සමස්ථ ශ්‍රි ලංකා යුද්ධ හමුදාව තුල සිදු කල සේවාව ඇගයිමට ලක් කරන ලදි.

විශ්‍රාම ගනු ලබන කර්නල් ආර් සී ජයතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරි හට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන හා ශ්‍රිලවියාඉබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු සියළු නිලධාරින් විසින් සමරු තිළිණයන් ප්‍රධානය කරන ලද අතර, අනතුරුව සම්ප්‍රදායානුකුලව රාත්‍රී භෝජන සංග්‍රහය අවසානයේ සහභාගි වු සියළු නිලධාරින් විසින් කර්නල් ආර් සී ජයතුංග නිලධාරි සහ එම මැතිණිය සියළු නිලධාරින්ගේ හරසර මතින් ගමන් කරන ලදි.

එම අවස්ථාවේදි කර්නල් ආර් සී ජයතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ට සහ එම මැතිණියට සුභාශිංසන එක් කිරිමට ශ්‍රිලවියාඉබ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් රැසක් සහභාගි විය.