Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

30th June 2023 09:00:00 Hours

ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ විශ්‍රාම ගැනීම නිමිත්තෙන් රෙම ශ්‍රීලවියාඉබ හිදී පැවැත්වූ වැඩසටහන් මාලාව

ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ විශ්‍රාම ගැනීම නිමිත්තෙන් රෙම ශ්‍රීලවියාඉබ හිදී පැවැත්වූ වැඩසටහන් මාලාව

ආඥාපති ඉනපෙ - උතුර වශයෙන් රාජකාරි කල මේජර් ජෙනරාල් එස් ඒ පතිරණ ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඔහුගේ කීර්තිමත් වසර 33ක යුද්ධ හමුදා දිවිය නිමා කරමින් විශ්‍රාම ගැනිම වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් රෙම ශ්‍රිලවියාඉබ කදවුරු පරිශ්‍රයේදි 2023 ජුනි 30 (සිකුරාදා) දින සිදු කරන ලදි.

ඒ අනුව සිය සේවයේ අවසන් දිනයේදි රෙම ශ්‍රිලවියාඉබ වෙත පැමිණි මේජර් ජෙනරාල් එස් ඒ පතිරණ ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මධ්‍යස්ථාන සේනාවිධායක බිගේඩියර් එස් ඒ එන් ජේ ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් උණුසුම්ව පිලිගත් අතර, අනතුරුව යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකුලව කදවුරු ආරක්‍ෂක මුරයක් සහ සම්මාන මුරයක් පිරිනමමින් ආචාරය දැක්විය. ඉන් පසු එම අවස්ථාව සදහා සහභාගි වු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් කැටුව රෙම ශ්‍රිලවියාඉබ නිලධාරි නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයට සහභාගි විය.

අනතුරුව එදින රාත්‍රියේදි නික්ම යන මේජර් ජෙනරාල් එස් ඒ පතිරණ ආර්එස්පි හට භෝජන සංග්‍රහයක් පවත්වන ලද අතර, එහිදි මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස් ඒ එන් ජේ ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායට සහ සමස්ථ ශ්‍රි ලංකා යුද්ධ හමුදාව තුල සිදු කල සේවාව ඇගයිමට ලක් කරන ලදි.

විශ්‍රාම ගනු ලබන මේජර් ජෙනරාල් එස් ඒ පතිරණ ආර්එස්පි හට ආඥාපති මුලස්ථාන භකාස අණසක හා ශ්‍රිලවියාඉබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු සියළු නිලධාරින් විසින් සමරු තිළිණයන් ප්‍රධානය කරන ලද අතර, අනතුරුව සම්ප්‍රදායානුකුලව රාත්‍රි භෝජන සංග්‍රහය අවසානයේ සහභාගි වු සියළු නිලධාරින් විසින් මේජර් ජෙනරාල් එස් ඒ පතිරණ ආර්එස්පි සහ එම මැතිනිය රථයක නංවා රථ පෙලපාලියක් මගින් සියළු නිලධාරින්ගේ හරසර මතින් ගමන් කරන ලදි.

එම අවස්ථාවේදි මේජර් ජෙනරාල් එස් ඒ පතිරණ ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ට සහ එම මැතිනියට සුභාශිංසන එක් කිරිමට ශ්‍රිලවියාඉබ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් රැසක් සහභාගි විය.