ශ්‍රී ලංකා යුද හමුදා පොදුසේවා බලකායේ බළකාධිපති තුමන් කුට්ටිගල වෘත්තීය පුහුණු පාසලේ සහ අනුඛණ්ඩ වල නිල සංචාරයක නිරත වෙයි
අයවැය සහ මුල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂක සහ ශ්‍රී ලංකා යුද හමුදා පොදුසේවා බලකායේ බළකාධිපති බ්‍රිගේඩියර් එම් කේ එස් එස් ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බළකාධිපති ලෙස සිය ධූරයට පත්වීමෙන් අනතුරුව 2026 ජනවාරි මස 26 වන දින කුට්ටිගල පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පුහුණු පාසලෙහි සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී. ඊට සමගාමිව 1 ශ්‍රීලයුපොදුසේබ සහ 2 (සෙව්) ශ්‍රීලයුපොදුසේබ ඒකක වෙත අයත් අනුඛණ්ඩ වලද එතුමා විසින් සංචාරය කරන ලදී.




