Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

09th February 2026 17:05:16 Hours

ශ්‍රී ලංකා යුද හමුදා පොදුසේවා බලකායේ බළකාධිපති තුමන් කුට්ටිගල වෘත්තීය පුහුණු පාසලේ සහ අනුඛණ්ඩ වල නිල සංචාරයක නිරත වෙයි

අයවැය සහ මුල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂක සහ ශ්‍රී ලංකා යුද හමුදා පොදුසේවා බලකායේ බළකාධිපති බ්‍රිගේඩියර් එම් කේ එස් එස් ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බළකාධිපති ලෙස සිය ධූරයට පත්වීමෙන් අනතුරුව 2026 ජනවාරි මස 26 වන දින කුට්ටිගල පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පුහුණු පාසලෙහි සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී. ඊට සමගාමිව 1 ශ්‍රීලයුපොදුසේබ සහ 2 (සෙව්) ශ්‍රීලයුපොදුසේබ ඒකක වෙත අයත් අනුඛණ්ඩ වලද එතුමා විසින් සංචාරය කරන ලදී.

මෙහිදී එම පුහුණු පාසලෙහි සේනාවිධායකතුමන් සහ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් බළකාධිපති තුමන් වෙත ආරක්ෂක මුරයක් පිරිනමමින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

බලකාධිපති තුමන් විසින් ඉන් පසුව 2 (සෙව්) ශ්‍රීලයුපොදුසේබ අනුඛණ්ඩයේ නවතමයෙන් ඉදි වූ කාර්යාල ගොඩනැගිල්ල සුභ මොහොතින් විවෘත කරන ලදී. ඉන් අනතුරුව අනුකණ්ඩයේ භඨ පිරිස් වෙනුවෙන් නවතමයෙන් ඉදිකල භඨ නිවාසයද විවෘත කරන ලදී.

පසුව 1 ශ්‍රීලයුපොදුසේබ අනුකණ්ඩයෙහි නවතමයෙන් ඉදිවූ අවන්හල සහ සෙසුනිල භට නිවාසයේ රුපවාහිනී නැරඹුම් කාමරයද සුභ මොහොතින් බලකාධිපති තුමන් විසින් විවෘත කරන ලදී.