Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

01st December 2025 15:33:20 Hours

ගං වතුරෙන් අවතැන් වු ජනතාවට සහනාධාර බෙදාදිමේ වැඩසටහන

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාව විසින්, දිවයිනට බලපෑ ගං වතුර තත්වයෙන් පීඩාවට පත් පවුල් 500 ක පමණ ප්‍රමාණයකට, පිසු ආහාර, වියළි සලාක සහනාධාර ලබාදීම 2025.11.30 දින සේනාවිධායක තුමන්ගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛා සභාපතිනි නයෝමනී ද සිල්වා මහත්මිය සහ සේවා වනිතා සමාජිකාවන් විසින්, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහයෝගයෙන් හා 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අනුග්‍රහය ඇතිව, අංගොඩ, මුල්ලේරියාව සහ කොළොන්නාව යන ප්‍රදේශවල ගං වතුරෙන් අවතැන් වු ජනතාවට සහන සැලසීමක් ලෙසින් පිසු ආහාර පාර්සල් සහ වියළි සලාක , සනීපාරක්ෂක නිශ්පාදන, පානීය ජල බෝතල්, බිස්කට් වර්ග වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු පාර්සල් 500 ක් සහනාධාර ලෙසින් ලබා දෙන ලදි. තවද එම අවතැන් මධ්‍යස්ථාන වල වෛද්‍යවරුන්ගේ ඉල්ලීම පරිදි රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා IDH රෝහලට රෝගීන් රැගෙන යාමට ප්‍රවාහනයෙන් සහාය ලබාදෙන ලදී. මෙම අවස්ථාව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක,1වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණෙදෙන නිළධාරි සහ සේවා වනිතා සාමාජිකාවන් ඇතුලු නිලධාරින්/සෙසු නිල පිරිසක් ද සහාභාගිවිය.