03rd November 2025 14:48:07 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025.11.01 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී ගරු සභාපතිණිය පී එන් කේ ද සිල්වා මහත්මියගේ මඟ පෙන්වීම යටතේ, සිංහ සමාජය 306 D7 හී පූරණ අනුග්‍රහයක දායකත්වය මත රණවිරු පවුල් වල සාමාජිකයින් 100 දෙනෙකු සඳහා උපැස් යුවල් පරිත්‍යාග කිරීම වෙනුවෙන් ඇස් පරීක්ෂා කිරීම සිදු කරන ලදී.
මෙහිදී විශේෂඥ්‍ය වෛද්‍ය, තාක්ෂණික නිලධාරි මඩුල්ලකගේ අධීක්ෂණයෙන් ඇස් පරීක්ෂා කිරීම සිදු කරන ලද අතර, එම සාමාජිකයින් අතුරින් දෙමව්පියන් 10 දෙනෙකුට පමණ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකරමය සම්පූරණයෙන්ම නොමිලේ සිදුකරදීමේ මහගු සමාජසත්කාර මෙහෙවර සිදු කිරීම සඳහා එම සිංහ සමාජය විසින් ඉදිරියේදී සිදුකරිමට කටයුතු යොදා ඇත.
මෙම අවස්ථාව සඳහා ශ්‍රීලයුපොදුසේබ බලකාධිපති බ්‍රිගේඩියර් එම් කේ එස් එස් ද සිල්වා ජ්‍යෙෂඨ නිලධාරී තුමන්, මධ්‍යස්ථාන සේනාවිධායක හා අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරී/නිලධාරිණියන්, සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් මෙන්ම මහරගම සිංහ සමාජ ව්‍යාපෘති නිලධාරිණී තමරා දෙමටපිටිය මහත්මිය ඇතුළු ගෞරවනීය අමුත්තන් පිරිසක් ද සහභාගී විය.