Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

29th October 2025 00:02:57 Hours

වෘත්තිය පාසල ශ්‍රීලයුපොදුසේබහි විශේෂ ආහාර නිෂ්පාදන අලෙවිසැලක් විවෘත කිරිම හා සියළුම නිලයින්ගේ සේවය ඇගයිම.

වෘත්තිය පාසල ශ්‍රීලයුපොදුසේබහි රාජකාරි කරනු ලබන සියළුම නිලයින් සහ පාඨමාලාවන් සඳහා සහභාගිවන නිලධාරින්/සෙසුනිලයින්ගේ සුභසාධන කටයුතු නංවාලිමේ අභිලාෂයෙන් යුතුව සියළුම අයවළුන් සඳහා සෞඛ්‍යාරක‍්ෂිතව, පිරිසිදුව හා ප්‍රනීතව විශේෂ ආහාර නිෂ්පාදනය කිරිම වෙනුවෙන් සියළු නිලයින්ගේ ශ්‍රමදායකත්වයෙන් යුතුව නවතමයෙන් ඉදිකර 2025.10.19 වන දින වෘත්තිය පාසල ශ්‍රීලයුපොදුසේබ සේනාවිධායක Colonel සී එස් දේමුණි (නි/64093) ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සුභ මොහොතින් විවෘත කල අතර, එදිනම එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් එම වෘත්තිය පාසලේ රාජකාරි නියුතු සියළුම උපදේශකයින් සහ පාලන රාජකාරි සඳහා අනුයුක්ත කර ඇති සියළුම නිලයින් මෙන්ම, සිවිල් සේවක මහතුන් විසින් ඇප කැපවී වෘත්තිය පාසලේ අභිවෘද්ධීය වෙනුවෙන් සිදුකරනු ලබන සුවිශේෂී මෙහෙවරයන් සඳහා ඔවුන්ගේ චිත්ත ධෛරය නංවාලමින් සේවය ඇගයීම වෙනුවෙන් සමරු තිළිණ, විශිෂ්ඨ සේවා සහතික හා සේවා ඇගයිම් ලිපි සියළුම අයවළුන් වෙත පිරිනමන ලදී.