Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

19th May 2025 16:29:50 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා වෘත්තිය පාසල - කුට්ටිගලහි නව සේනාවිධායක වශයෙන් කර්නල් සී එස් දේමුණි (නි/64093) සුභ මොහොතින් රාජකාරි අරඹයි.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා වෘත්තිය පාසලේ 29 වන සේනාවිධායක වශයෙන් කර්නල් සී එස් දේමුණි 2025 මැයි මස 15 දින සුභ මොහොතින් වැඩ භාරගන්නා ලදි.

නව සේනාවිධායක තුමන් වෙත ගෞරව සමිමාන මුරයක් හා සමිමාන පෙළපාලියක් පිරිනෑමිමෙන් පසු සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අභිනවයෙන් පත්වු සේනාවිධායක සිය කාර්යාලයේ සිය අත්සන තබා රාජකාරි භාරගන්නා ලදි. මෙහිදි සමාරමිභක අවස්ථාව සනිටුහන් කිරීම සදහා පැලයක් රෝපණය කරන ලදි. අනතරුව ජ්‍යෙෂ්ඨ නිලධාරි, නිලධාරින් සහ සෙසුනිලයින් ඇමතීමෙන් පසු තේ පැන් සංග්‍රහය භුක්ති විදිමෙන් අනතුරුව සියළුම නිල භෝජන සංග්‍රහයෙන් පසු උත්සව කටයුතු අවසන් විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරි, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගි විය.