Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

28th October 2024 10:21:30 Hours

ලෝක ළමා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමියගේ මගපෙන්වීම යටතේ විශේෂ ළමා ක්‍රියාකාරකම් දිනයක් ඔක්තෝබර් 26 දින යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රිඩාංගණය - පනාගොඩදී සංවිධානය කරන ලදී.

ලෝක ළමා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමියගේ මගපෙන්වීම යටතේ විශේෂ ළමා ක්‍රියාකාරකම් දිනයක් ඔක්තෝබර් 26 දින යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රිඩාංගණය - පනාගොඩදී සංවිධානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා අධ්‍යක්ෂක ජෙනරාල් මූල්‍ය කළමණාකාර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඒ එම් කේ ජී පී එස් කේ අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ ප්‍රධාන ආරාධිතයින් ලෙස සේවා වනිතා ශාඛාවේ සභාපති තුෂාරි අබේසිංහ මැතිණිය සහභාගී විය.

ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ සේවයේ නියුතු නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් සේවකයන්ගේ දරුවන් 100 දෙනෙකු මෙම උත්සවය සඳහා සහභාගී වන ලදී. එහි ඉලක්කය වූයේ කණ්ඩායම් වැඩ සහ සහයෝගීතාවයේ ප්‍රායෝගික අත්දැකීම් දරුවන්ට ලබා දීමයි. එදින ළමුන් සඳහා විනෝදාස්වාද සැසියක්ද පැවැත්විණි. සෑම දරුවෙකුටම විශේෂ ටී ෂර්ට් එකක් සහ වර්ණවත් ස්මාර්ට් ඔරලෝසුවක් සමග ක්‍රියාකාරකම් අතරතුර ප්‍රණීත ආහාර පානද ලබාදුණි.

SLF අභ්‍යාස සහ ක්‍රීඩා විද්‍යාව පිළිබඳ දේශක‍වරයෙකු වන ආර් එම් රොහාන් රත්නායක මහතා විසින් වැඩසටහන සාර්ථකව අවසන් කරන ලද අතර ළමුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සඳහා විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී. මධ්‍යස්ථාන සේනාවිධායක, රෙම ශ්‍රිලයුපොදුසේබ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ ඒකක හතරෙහි සහයෝගය මෙම උත්සවයේ සාර්ථකත්වය බවට පත්වූ අතර, සහභාගිවන්නන්ට ප්‍රීතිමත් සහ සාරවත් දිනයක් පිළිබඳ සදාකාලික මතකයන් ඉතිරි කළේය.