Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

27th September 2024 18:50:43 Hours

ඉන්දිරා පිළිකා භාරයේ සිට නැවතී ප්‍රථීකාර ලබා ගන්නා දූ දරුවන්ගේ සුව දුක් විමසා බැලීමේ වැඩසටහනක් පැවැත්වීම.

රෙම ශ්‍රිරලයුපොදුසේබ සේවා වනිතා ශාඛා සභාපතිණියගේ සංකල්පයකට අනුව, දුර බැහැර ප්‍රදේශවල සිට මහරගම අපේක‍්ෂා රෝහල වෙතින් ප්‍රථීකාර ලබා ගැනීමට පැමිණෙන වෛද්‍ය නිර්දේශය මත ඉන්දිරා පිළිකා භාරයේ සිට නැවතී ප්‍රථීකාර ලබා ගන්නා දූ දරුවන්ගේ සුව දුක් විමසා බැලීමේ වැඩසටහනක් 2024.09.25 දින පස්වරු 1600 පැයේ සිට 1800 පැය දක්වා එම පිළිකාභාර පරිශයේදී පවත්වන ලදී.

ඒ අනුව එම වැඩසටහන සඳහා මෙම මූල සේවා වනිතා සාමාජිකාවන්ගේ අහිමතය පරිදි, නේවාසික පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් පැමිණ සිටි වයස අවුරුදු 01 ත්, 15 ත් අතර දු දරුවන් 26 දෙනෙක් වෙත ඔවුන්ගේ පුද්ගලික පරිහරණය වෙනුවෙන් ළමා ඇඳුම්, සබන්, දත් ඛෙහෙත්, දත් බරුසු, පොත්/පෑන්/පැන්සල්/වෝටර් කලර්/කතන්දර පොත් ආදිය මෙන්ම රෝහල වෙත වෛද්‍යාධාර සඳහා රු: 50,000.00 ක් ද ඇතුළු රුපියල් ලක‍ෂ තුනක් වටිනා පරිත්‍යාග ලබා දීමට කටයුතු කරන ලදී.

මෙම වැඩසටහන සඳහා බලකාධිපතිතුමා, සේවාවනිතා ශාඛා සභාපති තුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සේවා වනිතා සාමාජිකාවන් 10 දෙනෙකු සමග මධ්‍යස්ථාන සේනාවිධායක තුමා සහභාගී වු අතර දරුවන්ගේ මානසික ප්‍රබෝධය උදෙසා යුද්ධ හමුදා සංගීත කණ්ඩායම වෙතින් සංගීත වැඩසටහනක් ද පවත්වන ලදී.