Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

13th September 2024 18:40:48 Hours

අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා තරගාවලි ජයග්‍රහණ - 2024

අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගාවලිය - 2024

අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගාවලිය 2024.03.22,23 යන දිනයන්හිදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පවත්වන ලද අතර, එම තරගාවලියෙහි සමාප්ති උලෙළ 2024.03.31 දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.එම තරගාවලිය සදහා සහභාගිවන ලද රෙම ශ්‍රීලයුපොදුසේබ කාන්තා මලල ක්‍රීඩා කණ්ඩායම තරගාවලියෙහි අනුශුරතාවය ලබාගැනීමට සමත්වන ලදි.

අන්තර් රෙජිමේන්තු ස්වේච්ඡා බලසේනා මලල ක්‍රීඩා තරගාවලිය - 2024

අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගාවලිය 2024.03.22,23 යන දිනයන්හිදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පවත්වන ලද අතර, එම තරගාවලියෙහි සමාප්ති උලෙළ 2024.03.31 දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.එම තරගාවලිය සදහා සහභාගිවන ලද රෙම ශ්‍රීලයුපොදුසේබ කාන්තා මලල ක්‍රීඩා කණ්ඩායම තරගාවලියෙහි අනුශුරතාවය ලබාගැනීමට සමත්වන ලදි.

අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගාවලිය - 2024

අන්තර් රෙජිමේන්තු ස්වේච්ඡා බලසේනා මලල ක්‍රීඩා තරගාවලිය 2024.08.26,27 සහ 28 යන දිනයන්හිදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පවත්වන ලද අතර, එම තරගාවලියෙහි සමාප්ති උලෙළ 2024.08.28 දින ස්වේච්ඡා බලසේනාධිපති මේජර් ජෙනාරාල් ඩබ්ලිව් පි ඒ ඩී ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පවත්වන ලදි. එම තරගාවලිය සදහා සහභාගිවන ලද රෙම ශ්‍රීලයුපොදුසේබ කාන්තා මලල ක්‍රීඩා කණ්ඩායම තරගාවලියෙහි අනුශුරතාවය ලබාගැනීමට සමත්වන ලදි.

අන්තර් රෙජිමේන්තු හෑන්ඩ්බෝල් තරගාවලිය - 2024

අන්තර් රෙජිමේන්තු හෑන්ඩ්බෝල් තරගාවලිය 2024.08.31 දින සිට 2024.09.03 දින දක්වා යුහශාඅපුපා - පනාගොඩහිදී පවත්වන ලද අතර, එම තරගාවලියෙහි සමාප්ති උලෙළ 2024.09.03 දින මේජර් ජෙනාරාල් ජී එම් එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් යුහශාඅපුපා - පනාගොඩහිදී පවත්වන ලදි. එම තරගාවලිය සදහා සහභාගිවන ලද රෙම ශ්‍රීලයුපොදුසේබ හෑන්ඩ්බොල් කාන්තා කණ්ඩායම තරගාවලියෙහි ශුරතාවය ලබාගැනීමට සමත්වන ලදි.

අන්තර් රෙජිමේන්තු කරාතේ තරගාවලිය - 2024

අන්තර් රෙජිමේන්තු කරාතේ තරගාවලිය 2024.07.19,22 හා 23 යන දිනයන්හි යුහශාඅපුපා - පනාගොඩහිදී පවත්වන ලද අතර, එම තරගාවලියෙහි සමාප්ති උලෙළ 2024.09.23 දින මේජර් ජෙනාරාල් එස් ඩබ්ලිව් එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් යුහශාඅපුපා - පනාගොඩහිදී පවත්වන ලදි. එම තරගාවලිය සදහා සහභාගිවන ලද රෙම ශ්‍රීලයුපොදුසේබ කාන්තා කරාතේ කණ්ඩායම තරගාවලියෙහි ශුරතාවය ලබාගැනීමට සමත්වන ලදි.