Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

16th July 2024 17:06:32 Hours

බලකාධිපති ධූරයෙන් නික්මයෑම මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගාඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි

ශ්‍රීලංකා යුද්ධ හමුදා පොදුපොදුසේවා බළකායේ 17 වන බලකාධිපති ලෙස මෙම රෙජිමේන්තුව වෙත අමිල මෙහෙයක් ඉටුකරමින් 2024 ජූලි 11 වන දින බලකාධිපති ධූරයෙන් මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගාඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි නික්ම යන ලදි.

මධ්‍යස්ථාන සේනාවිධායක රෙමශ්‍රීලයුපොදුසේබ කර්නල් ටී ජී එන් ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නික්ම යන ලද බලකාධිපති මහත් හරසරින් පිළිගත් අතර, කදවුරු සම්මාන මුරයෙන් අනතුරුව රෙජිමේන්තු රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු අර්ධ සම්මාන මුරය පිරිනැමීය. මෙම උත්සවයට සහභාගිවූ සියළළුම රෙජිමේන්තු මන්ත්‍රණ සභා ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සියයළුම නිලධාරින්/නිලධාරිණියන් සමූහ ඡායාරුපයකට පෙනී සිටීමෙන් පසු සියළුම නිලයින් සදහා සංවිධානයකර තිබු තේ පැන් සංග්‍රහයට සහභාගි විය. ඉන් අනතුරුව මෙම උත්සවයට සහභාගි වූ සියළුම නිලධාරින් සහ සෙසුනිලයින් රෙජිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට පෙළසදා නික්ම යන බලකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගාඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා හට ආචාර දැක්වූහ. රෙජිමේන්තු මන්ත්‍රණ සභා ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සියයළුම නිලධාරින්/නිලධාරිණියන් මෙන්ම ඒකක/වෘපා හි සියළුම රෙසැමේවරැන් ඇතුළු සෙසුනිලයින් සහභාගි වූ අතර, ඉන් උත්සව කටයුතු අවසන් විය.