Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

15th April 2024 10:32:59 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බළකා සේවාවනිතා ශාඛාව මගින් ඉතාමත් විචිත්‍රවත් සහ උත්සවශ්‍රීයෙන් අවුරුදු උත්සවයක් සහ සංස්කෘතික මංගල්‍යයක් පවත්වන ලදී.

2024 වර්ෂයේ නව අවුරුදු උදාව සනිටුහන් කරමින් 2024.04.09 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බළකා සේවාවනිතා ශාඛාව මගින් ඉතාමත් විචිත්‍රවත් සහ උත්සවශ්‍රීයෙන් අවුරුදු උත්සවයක් සහ සංස්කෘතික මංගල්‍යයක් පවත්වන ලදී. ඒ සදහා මෙම මූල බලකාධිපති මේජර් ජෙනරාල් W W H R R V M N D K B නියංගොඩ RWP RSP VSV USP ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බළකා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිණිය හිමාලී නියංගොඩ මැතිණිය ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් පැමිණි අතර, මෙම රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරිණියන් මෙන්ම, නිලධාරින්/නිලධාරිණියන්, සියලුම සෙසුනිලයින්, ඔවුන්ගේ දුවා දරුවන් සහ පොදුසේවා බළකා සේවාවනිතා ශාඛාවේ සාමාජිකත්වය උසුලන ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, සෙසු සාමාජිකාවන්ද මෙම අවුරුදු උත්සවය සඳහා සහභාගී වීය.

මෙම රෙජිමේන්තුවට අයත් නීතිසේවා මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක‍ෂක මණ්ඩලයේ සියළුම නීති නිලධාරින් හා සේවාවනිතා භාර්යාවන් විසින් අනුග්‍රහකත්වය වශයෙන් ලබා දෙන ලද ඉතා වටිනා ත්‍යාග නිසා මෙම බකමහ උළෙල උත්සවශ්‍රීයෙන් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබූ අතර, උත්සවය විචිත්‍රවත් කරමින් ජන ක්‍රිඩා, රැසක් සාර්ථකව පවත්වනලදී.