Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

10th March 2024 22:21:23 Hours

රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පළමුවන ආඥාපති වශයෙන් කටයුතු කරනු ලැබු බ්‍රිගේඩියර් ජී වී ඇලපාත විඑස්වි (නි/50239) විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් ස්වයං සරඹ පුහුණු ප්‍රදෙශක් (Drill Nursery) සුභ මොහොතින් විවෘත කරන ලදී.

මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පළමුවන ආඥාපති වශයෙන් කටයුතු කරනු ලැබු බ්‍රිගේඩියර් ජී වී ඇලපාත විඑස්වි (නි/50239) විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නමින් මෙම මූලයට අයත් නිලධාරි/සෙසුනිලයින්ගේ විනය හා පැවැත්ම සදහා නිවැරදි සරඹ කිිරීමේ හැකියාව ලබාදීම වෙනුවෙන් ස්වයං සරඹ පුහුණු ප්‍රදෙශක් (Drill Nursery) 2024.03.01 දින සුභ මොහොතින් විවෘත කරන ලදී.

එම අවස්ථාව සදහා 91 වන වියේ පසුවන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පැමිණීම රෙජිමේන්තු බලකාධිපති ඇතුළු නිලධාරි/සෙසුනිලයින්ගේ පැසසුමට ලක්වූ කරුණක් වන අතර, මෙම සුවිශේෂි අවස්ථාව සදහා මෙම මුල බලකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ඩබ්ලිව්එච්ආර්ආර්වීඑම්එන්ඩීකේබී නියංගොඩ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ ආරාධිත අමුත්තන් වශයෙන් විශ්‍රාමික මේජර් ජෙනරාල් ආර්කේපි රණවීර යුඑස්පි, අධ්‍යක‍ෂ අයවැය හා මුපඅම මේජර් ජෙනරාල් ඒ එම් කේ ජී පි එස් කේ අබේසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද, මෙම මූල මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම් කේ එස් එස් ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු නිලධාරින්/සෙසුනිලයින් සහභාගිවිය.