Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

11th January 2024 11:37:45 Hours

නවතමයෙන් උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් වෙත සම්මාන මුර පෙලපාලියක් පිරිනමන ලදි.

මේජර් ජෙනරාල් ඒ එම් කේ ජී පී එස් කේ අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් මේජර් ජෙනරාල් නිලයට උසස් කිරීම වෙනුවෙන් 2024 ජනවාරි 05 වැනි දින පනාගොඩ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී කඳවුරු ආරක‍ෂක මුරයක් සහ දර්ශනීය පෙලපාළියක් පිරිනමන ලදී.

නව උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් ප්‍රියන්ත අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම් කේ එස් එස් ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් පිළිගන්නා ලදී. ඉන් අනතුරුව, ප්‍රධාන පිවිසුම අසලදී ඔහුට කඳවුරු ආරක‍ෂක මුරයක් පිරිනැමීමෙන් අනතුරුව රණවිරු ස්මාරකය වෙත මල් කළඹ තැන්පත් කරන ලදී. අනතුරුව මේජර් ජෙනරාල් ඒ එම් කේ ජී පී එස් කේ අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්හට හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව දර්ශනීය පෙලපාළියක් පිරිනමන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශන ශාලාවේ තේ පැන් සංග්‍රහයක් පැවත්වූ අතර, එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් මේජර් ජෙනරාල් ප්‍රියන්ත අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සියලු නිලධාරීන් හා සෙසුනිලයින් විසින් පිළිගන්නා ලදි. වර්තමානයේ මේජර් ජෙනරාල් ප්‍රියන්ත අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් අධ්‍යක්ෂක ජෙනරාල් අයවැය හා මූපඅම ලෙස කටයුතු කරනු ලබයි. රෙජිමේන්තු සභා සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිළධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගී වූහ.